අලි මිනිස් ගැටුම පිළිබද බොහෝ දේ මේ දිනවල කතා බහට ලක්වනවා. දීර්ඝ කාලයක් තිස්සේ මෙම ගැට්ළුවට මුහුන දෙමින් දැඩි පීඩාවකට ලක්ව සිටින අනුරාධපුර තලාව ප්‍රදේශයේ උග්‍රව තිබෙන අලි මිනිස් ගැටුමක් පිළිබදව පුවතක් අපට වාර්තා වුණා.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ මාවත වැව සහ හෝනාව පෝස්පේට් රක්ශිතයේ වනා අලි මාරුවන ස්තානය හර්ස් කරමින් වන අලීන්ට වෙන් කර ඇති භූමි ප්‍රදේශය විනාශ කරමින් පවතින බවට තොරතුරු වාර්තා වනවා.
එම ප්‍ර්දේශයේ වන අලි ජලය පානය කිරීමට පැමිණෙන ස්තානය සහ ඒ අවට ප්‍රදේශයේ ඇති දැවැන්ත ගස් කපා දමමින් දැඩි පරිසර විනාශයක් සිදු කරන බවයි අප වාර්තාකරු ප්‍රකාශ කලේ. ප්‍රදේශයේ ව්‍යාපාරකයින් පිරිසක් මෙම වන විනාශය සිදු කරමින් සිටින අතර එම භූමියේ ගොඩනැගිලි ඉදිකරමින් පවතින බවයි ගම්වැසියන් ප්‍රකාශ කලේ.
ඔවුන් එම රක්ශිත ප්‍රදේශයේ ගොඩනැගිලි ඉදිකර වගා කටයුතු ආරම්භ කර ඇති බවද ප්‍රදේශවාසීන් චෝදනා කලා.
මේ හේතුවෙන් වන අලීන් ගැවසෙන ප්‍රදේශ අවහිර වී ඇති අතර වන අලීන් ගම් වැදීම සිදු ව්න බවයි ඔවුන් සදහන් කලේ.
මේ නිසා ප්‍රදේශයේ ගොවි ජනතාවගේ වගා බිම් නිරන්තරයෙන් හානි ව්න අතර රාජ්‍ය ආයතන මේ පිළිබදව දැනුවත් කලත් කිසිදු පියවරක් ගෙන නැහැ.
අදාල රක්ශිත ප්‍රදේශයේ ඉඩම් කැබලි විවිධ පිරිස් විසින් අත්පත් කරගෙන ඇති බවට ද තොරතුරු වාර්තා වෙනවා.
මේ පිළිබද අවධානය යොමු කර ගැටලුවට නිසි විසදුමක් ලබා දෙන ලෙසයි ප්‍රදේශවාසින් ඉල්ලා සිටින්නේ
අනුරාධපුර තලාව ප්‍රදේශයේ උග්‍රව තිබෙන අලි මිනිස් ගැටුම
