මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් බව පවසමින් ලක්ෂ 20ක අල්ලස් ලබා ගැනීමට තැත් කළ සුරාබදු කාර්යාලයේ නිලධාරීන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා
ඒ උතුරු පළාත් අපරාධ කොට්ඨාස විසින්
උතුරු පළාත් අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති එස්. සංජීවටලැබුණු බුද්ධි තොරතුරක් අනුව ඊයේ දිනයේ සිදුකළ වැටලීමකදී මෙම තිදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා
අදාළ සුරාබදු නිලධාරීන් තිදෙනා මාදගල් ප්‍රදේශයේ වෙරළ තීරයකදී හොරයින් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන පසුව තමන් මත්ද්‍රව්‍ය කාර්යාංශයට අයත් බව පවසා තිබෙනවා පසුව ඔහුව චන්කානෙ හි පිහිටි සුරාබදු කාර්යාලය වෙත රැගෙන ගොස් ඇති අතර එහිදී ඔහු සතුව තිබූ ජංගම දුරකථනයෙන් ඔහුගේ සහෝදරිය වෙත අමතා ඇති සැකකරුවන් විසින් අදාළ පුද්ගලයා නිදහස් කිරීමට රුපියල් ලක්ෂ 20ක මුදලක් අවශ්‍ය බව පවසා තිබෙනවා
පසුව මෙම සිද්ධිය සම්බන්ධව අදාළ කාන්තාව විසින් උතුරු පළාත් අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා දැනුවත් කර ඇති අතර ඒ අනුව සිදුකළ වැටලීමකදි අදාළ සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන තිබෙනවා අත්අඩංගුවට ගත් පිරිස අවුරුදු 48,36,32 වයස්වල පසුවන සුරාබදු ප්‍රධාන නිලධාරීවරයෙකු සහ සුරාබදු නියාමකවරුන් දෙදෙනෙකු බවද පොලීසිය පවසනවා .අත්අඩංගුවට සැකකරුවන් තිදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියමිතයි