කෝටි දොලහක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය සමග විදේශීකයින් තිදෙනෙකු අත්අඩංගුවට

රුපියල් කෝටි දොලහක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග විදේශීය ජාතිකයින් තිදෙනෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙරටට රැගෙන ආ එම මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන්තොටුපලින් පිට කරගෙන යමින් සිටියදී විදේශීය ජාතින් තිදෙනා සමග අද අලුයම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ.මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දීය ජාතිකයින් තිදෙනෙක් වන අතර ඔවුන් රැගෙන ආ ගමන් මලු තුල තිබී කුෂ් මත්ද්‍රව්‍ය 12kg 160g ක ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරින් බාරයට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ආනයනය කිරීම , සන්තකයෙහි තබා ගැනීම සහ ජාවාරම් කිරිම යන චෝදනා යටතේ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත මොවුන් තිදෙනා අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

Comments (0)

Your email address will not be published. Required fields are marked *