වසර හතළිහකට වඩා වැඩි කාලයක් ඇසළ පෙරහර මංගල්‍යයට දායක වූ අලි ඇතුන් සඳහා සම්මාන පළඳනා පිරිනැමීම මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී සිදුවුණා. සම්මාන ප්‍රදානය සංකේතවත් කරමින් වසර පනස් පහකට අධික කාලයක් පෙරහැර මංගල්‍යයට දායක වුණු රුහුණු කතරගම මහා දේවාලයේ වාසනා ඇතු පළමු සම්මානයෙන් පුදනු ලැබුවා.
ඊට සමගාමීව සෙසු අලි ඇතුන් සඳහාද මෙම සම්මාන පළඳනාව පිරිනැමීම සිදු වුණා.
වර්ෂ 1980 දී 400 ක් පමණ වුණු හීලෑ අලි ඇතුන් ප්‍රමාණය මේ වන විට අනූ හයකට සීමා වී ඇති බවත් තායිලන්තය, ඉන්දියාව, මියන්මාරය වැනි රටවල වන අලියන් හා හීලෑ අලි ඇතුන්ගේ ප්‍රමාණය ඉතාමත්ම ඉහළ මට්ටමක පවතින බව දියවඩන නිලමේවරයා සඳහන් කළා.
ඔහු පවසන්නේ, ශ්‍රී ලංකාවේ හීලෑ අලි ඇතුන් ප්‍රමාණය 96ක් වන විට වන අලි ගහණය 8000ත් අතර වන බවත්
ඉදිරි වසර 15ක කාලයෙන් අනතුරුව මෙරට හීලෑ අලි ඇතුන් ප්‍රමාණය 15කට සීමා වන බවයි.
එබැවින් මෙම ගැටලුව පිළිබඳව මෙවර පෙරහැර සමාප්තිය උළෙලේදී ඇසළ පෙරහර මංගල්‍යය ඇතුළු මෙරට සංස්කෘතික අංගයන් සඳහා අලි ඇතුන් දායක කර ගැනීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයාට පෙන්වා දෙන බවද ඔහු වැඩිදුරටත් සදහන් කළා.
මෙරට 96 ක් වන හීලෑ අලි ඇතුන්ගේ සංඛ්‍යාවෙන් අලි ඇතුන් 47 දෙනකු අවුරුදු 40 ට වඩා වැඩි කාලයක් සංස්කෘතික මංගල්‍යයන්වලට සහභාගි වූ හීලෑ අලි ඇතුන් වන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල පවසනවා.
ඒ අනුව අද දින අලි ඇතුන් 27 දෙනෙකු මෙම සම්මාන පළදෙනාවෙන් පිදුම් ලැබීම සිදු වුණා.
ඒ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මහ මළුව අබියදී පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි ගේ සහභාගීත්වයෙන්.