ෙරට 37 වැනි පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවී තිබේනවා.
ඒ, කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වූ අවස්ථාවේදී.
කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 1.30ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වුනා.
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් පහ කිරීමත් සමග පොලිස්පති ධුරය පුරප්පාඩු වී ඇති අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව පොලිස්පතිවරයා පත්කිරීමට අදාළ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කර කිබුනා.
ඒ අනුව අද රැස්වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සභාව මෙරට 37 වැනි පොලිස්පතිවරයා ලෙස වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත්කිරීමට අනුමැතිය ලබාදුන්නා.