නව දේශපාලන පරිවර්තනය සමඟ මෙරට තරුණ ව්‍යාපාරය තවදුරටත් දේශපාලන අතකොළුවක් බවට පත් නොවී, රටේ අනාගතය භාර ගැනීමට සිටින නියමුවන් බිහි කරන ව්‍යාපාරයක් බවට පරිවර්තනය වී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
තම දේශපාලන බලය ආරක්ෂා කර ගැනීමේ කොටස්කරුවන් ලෙස නොව, තරුණ පරපුරට හිමි තැන ලබා දෙමින්, සිය අනාගතය තීරණය කිරීමේ ශක්තිය ඇති තරුණ ප්‍රජාවක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ ඊයේ පැවති “Youth Club”ජාතික තරුණ සමුළුව අමතමනි.
මෙවර ජාතික තරුණ සමුළුව පැවැත්වුණේ වසර 32 කට පසුව වීම විශේෂත්වයක් වන අතර, දිවයින පුරා තරුණ තරුණියන් 6000කට අධික පිරිසක් ඊට එක්ව සිටියා. ජාතික තරුණ සමුළුවට පෙර රට පුරා ප්‍රාදේශීය මට්ටමින් “Youth Club” පිහිටුවීම ආරම්භ කළ අතර, අද පැවති ජාතික සමුළුවේදී නව නිලධාරී මණ්ඩලය හඳුන්වා දීම සිදුවුනා.
ජාතික තරුණ සමුළුවට සහභාගී වීම නිමිත්තෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිහිවටන තිළිණයක්ද පිළිගැන්වනු ලැබුවා.
ජනපති අනුර “Youth Club”ජාතික තරුණ සමුළුව අමතා සිදුකල කතාව
