ජනපති මාලදිවයිනට ළඟා වෙයි

මාලදිවයිනේ රාජ්‍ය සංචාර‍ය ආරම්භ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පෙරවරුවේ වෙලානා ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා වුණා.

එහිදී මාලදිවයිනේ ජාතික ආරක්ෂක බලකායේ උත්තමාචාර මධ්‍යයේ එරට ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු මහතා විසින් ජනාධිපතිවරයා මහත් හරසරින් යුතුව පිළිගනු ලැබුවා.

ජනාධිපතිවරයා පිළිගැනීම වෙනුවෙන් මාලදිවයිනේ වලානා ජාත්‍යන්තර ගුවන් තොටුපොළහි විශේෂ අමුත්තන් පැමිණීමේ පර්යන්තයේදී කුඩා දැරියන් පිරිසක් අලංකාර සංස්කෘතික නර්තනයක් ඉදිරිපත් කළ අතර, ජනපතිවරයා එම දැරියන් සමඟ කෙටි කතාබහකද නිරත විය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවය මාලදිවයිනේ ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ මාලදිවයිනේ අගනුවර වන මාලේහි ජනරජ චතුරශ්‍රයේදී පැවැත්වේ.

ජනාධිපතිවරයා සමඟ මෙම රාජ්‍ය සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් එක්ව සිටිති.

Comments (0)

Your email address will not be published. Required fields are marked *