නව පොලිස්පතිවරයා ලෙස ප්‍රියන්ත වීරසූරිය පත් කරයි

ශ්‍රී ලංකාවේ 37 වන පොලිස්පති වරයා ලෙස ප්‍රියන්ත වීරසුරිය මහතා නිලවශයෙන් අද පත් කරනු ලැබුවා
ඔහු සිය ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ දොඩම් ගොඩ නෑහින්න ද්විතීක පාසලෙන් . කළුතර ඥනෝදය මහ විදුහලෙන් උසස් අධ්‍යාපනය හැදෑරු වීරසූරිය මහතා
නීතිඥ වරයෙකු ලෙසද දිවුරුම් දී තිබෙනවා පසුව ඔහු කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් නීතිය පිළිබද ශ්‍රාස්ත්‍රපති උපාධියද ලබා තිබෙනවා 1988 වසරේ කොස්තාපල් වරයෙකු ලෙස සේවයට එක් වූ ඔහු 1992 දක්වා කාලසීමාව තුලදී පොලිස් විශේෂකාර්‍ය බලකාය ,පොලිස් රථ වාහන අංශය සහ අපරාධ කොට්ඨාසයන්හී සේවය කොට තිබෙනවා 1992 වසරේ පරිවාස උප පොලිස්පාරික්ෂක වරයෙකු ලෙස පත්වීම් ලබන ඔහු
රථවාහන කලමනා කරනය , අපරාධ විමර්ශනය වැනි අංශ යන්හී සේවය කරමින් සිය කුසලතාවන් දියුනු කරගත්තා
දිවයිනේ විවිධ ප්‍රදේශ වල සේවය කොට ඇති වීරසූරිය මහතා 1999 පරිවාස සහකාර පොලිස් අධිකාරිදූරයට පත් කෙරුනා 2007 දී එක්සත් ජාතීන්ගේ සාමසාධක සමුදාවට එක්වූ ඔහු නැගෙන හිර තිමෝරයේ වසරක පමණ කාලයක් සේවය කරනු ලැබුවා නැවත 2012 වසරේද එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට එක්ව කටයුතු කර තිබෙනවා ඉන් පසු පොලිස් සේවයේ අධ්‍යක්ෂ වරයෙකු ලෙසත් සේවය කරන ඔහු ජේෂ්ඨ පොලිස් අධීකාරිදූරට පත්වන්නේ 2012 වසරේදී ..
වීරසූරිය මහතා 2020 වසරේදී ජේෂ්ඨ පොලිස්පති දූරයට පත්වීම් ලබනවා

2020 වසරේ දේශබන්දු තෙන්නකෝන් මහතාගේ
පොලිස්පති ධූරය අත්හිටුවීමෙන් පසු ප්‍රියන්ත වීරසූරිය මහතා මේ දක්වාම වැඩි බලන පොලිස්පති වරයා ලෙස කටයුතු කරා

Comments (0)

Your email address will not be published. Required fields are marked *