රැකියාවක් ඉලක්ක කරගනිමින් අධ්‍යාපනය ලබා දෙනවාට වඩා එහා ගිය පුලුල් දැක්මක් අධ්‍යාපන ක්ෂේත්‍රයට අවශ්‍ය බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
ඇය ඒ බව පැවසුවේ අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් සමග අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී.මෙම අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් ධාරිතා සංවර්ධන පුහුණුවක් වෙනුවෙන් පසුගිය ජුනි 8 දින සිට 21 දින දක්වා ඉන්දියාවේ පැවති පුහුණු සැසිය නිමාකර මෙරටට පැමිණීමෙන් අනතුරුව මෙසේ අග්‍රාමාත්‍යවරියව හමුවුණා.
දිවයිනේ සියලු පළාත් නියෝජනය වන පරිදි නිලධාරීන් දෙදෙනෙකු බැගින් මෙම පුහුණුව සඳහා තෝරාගෙන පැවති අතර පොදු රාජ්‍ය මණ්ඩලයීය ආසියානු ඉගෙනුම් මාධ්‍ය කේන්ද්‍රය විසින් මෙම පුහුණුව පවත්වා තිබුණා.
මෙතෙක් කිසිදු විදේශ පුහුණුවක් නොලත් දිවයින පුරා සේවයේ නියුතු අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් මෙම පුහුණුව සඳහා තොරා ගෙන තිබීම විශේෂත්වයක්.
ඉන්දියාවේදී ලද පුහුණුව අනුව මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදු විය යුතු වෙනස්කම් සහ එම පුහුණුව ලත් නිලධාරීන්ගෙන් ගුණාත්මක සේවාවක් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මක සංවර්ධනය සඳහා යොදා ගැනීම පවත්වන ලද පුහුණුවේ අරමුණයි.
අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් හා අගමැතිනිය අතර සාකච්චාවක්
