මාරඹ වැවේ සංවර්ධනය ඇරඹේ

මාතර, අකුරැස්ස දෙනියාය ඒ ශ්‍රේණියේ මාර්ගයට මුහුණලා මනරම් පරිසරයක පිහිටි මාරඹ වැව දකුණු පළාත් සභාවේ රුපියල් මිලියන 7.5ක ප්‍රතිපාදන මත සංවර්ධනය කිරීම ආරම්භ කෙරුණා.


මෙමගින් ගොවි පවුල් 194ක ආර්ථිකය සවිමත් වී පුරන් කුඹුරු අක්කර 20ක් යලි වී වගාවට එක් කිරීමට අපේක්ෂා කරයි.මාරඹ වැව සංවර්ධනය කිරීම සදහා දකුණු පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන 6.1 ක් හා දකුණු පළාත් ධීවර අමාත්‍යාංශයේ රුපියල් මිලියන 1.4ක ප්‍රතිපාදන වෙන් වී තිබෙනවා.


දකුණු පළාත් වාරිමාර්ග දේපාර්මේතුවේ අධීක්ෂණය යටතේ පේද්දපිටිය දකුණ ගොවි සංවිධානය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.
සංචාරක කර්මාන්තය හා වී ගොවිතැනට ඇවැසි වාරි ජලය සැපයීම අරමුණෙන් මාරඹ වැව සංවර්ධනය කොට වැව් ඉස්මත්තේ ඇති පළතුරු වත්තක අක්කර 10ක් පවරාගෙන හොටල් සංකීර්ණයක් ඉදිකිරීමට ද යෝජනා වී තිබෙනවා.


කුඹුරු අක්කර 264කට අඛණ්ඩව යල මහ දෙකන්නයේම ජලය සැපයීමට අපේක්ෂිතයි.
මාරඹ වැව සංවර්ධනය කිරීමෙන් සෘජු රැකියා 250 ක් නිර්මාණය කිරීමටත් රජය අපේක්ෂා කරනවා.


ධීවර කර්මාන්තයට මෙන්ම නෙළුම් මල් කර්මාන්තය ජීවිකාව කර ගත් පිරිස්ද වැවෙහි පවතින අක්‍රමණික ජලජ ශාඛ නිසා දැඩි පීඩාවට පත්ව තිබෙනු දක්නට ලැබෙනවා.


අක්කර 30 ක වපසරියකින් යුත් වැව මේ වන විට දැඩි ලෙස වල් බිහිවී ඇති අතර දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට හැකිවන සේ සකස් කිරීම ඇරඹීම පිළිබදව නව රජයට සහ ජනාධිපතිවරයාට ගොවීන් සිය සතුට ප්‍රකාශ කළා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *