හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග ක්‍රීඩා අමාත්‍යංශයට

ඉන්දීය විවෘත මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දී නව ජාතික වාර්තාවක් පිහිටුවීමට සමත් වූ, රුමේෂ් තරංග ක්‍රීඩකයා, ක්‍රීඩා අමාත්‍යංශයේ දී ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ හමුවුණා.
2028 වර්ෂයේදී පැවැත්වීමට නියමිත Olympic තරඟාවලියට ඉදිරිපත් වීමට සිටින රුමේෂ් තරංග ක්‍රීඩකයාට අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට අමාත්‍යංශයක් ලෙස අවශ්‍ය මැදිහත් වීම සිදු කරන බව ක්‍රීඩා අමාත්‍යවරයා පවසනවා.


මෙම අවස්ථාවට එක් වෙමින් ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරන්න පැවසුවේ, මීටර් 86 යි 50 ක දුරකට හෙල්ල විසි කිරීමෙන් ලෝකයෙන්ම හත්වන ස්ථානයේ රැඳී සිටින රුමේෂ් තරංග වැනි දක්ෂ ක්‍රීඩකයන් ක්‍රීඩාව තුළ සුරක්ෂිතව රඳවා ගැනීමට අවශ්‍ය සියලු මැදිහත් වීම සිදු කරන බවයි.
ඉදිරියේදී විදෙස් පුහුණුකරුවන්ගේ දැනුම රැගෙන මෙරට පුහුණුකරුවන් දැනුවත් කිරීම හරහා ආසියාතික, පොදු රාජ්‍ය මණ්ඩලීය සහ olympic ආදී තරඟ සඳහා සහභාගී වීමට එම නව තාක්ෂණික ක්‍රමවේද වල අද්දැකීම ලබා තිබීම අනාගත ජයග්‍රහණ වෙනුවෙන් ආයෝජනයක් වන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.
මෙම අවස්ථාවට සහභාගී වූ එම්. අස්කර් අලි විසින් රුමේෂ් තරංග ක්‍රීඩකයාට අවශ්‍ය ක්‍රීඩා උපකරණ ලබා දීම ද මෙහිදී සිදු වුණා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *