හිටපු ඇමති අනුර ප්‍රියදර්ශන ගැන අධිකරණයට කළ දැනුම් දීම

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලියාන් වරුෂවිතාන මහතා වෙත දැනුම් දුන්නා.

2014 වසරේ ගංවතුර ආධාර සපයන බව සඳහන් කරමින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ 61 කට අධික මුදලක් වැය කිරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු චෝදනා යටතේ මෙම නඩුව ගොනු කර තිබෙනවා.

ඒ අනුව මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරයා විත්තිකරුවන්ට නියෝග කළා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *