“යුක්රේන අර්බුදය විසඳීම සඳහා කල් පවතින සාමයක්”සඳහා ට්‍රම්ප් – පුටින් හමුවේ.

ඇලස්කාවේ වේලාවෙන් අද පෙ.ව. 11 ට ඇන්කරේජ් හි එල්මෙන්ඩෝෆ්-රිචඩ්සන් ඒකාබද්ධ කඳවුරේදී ට්‍රම්ප්-පුටින් හමුව පැවැත්වීමට දෙපාර්ශවය සුදානම්ව සිටිනවා.
“යුක්රේන අර්බුදය විසඳීම සඳහා කල් පවතින සාමයක්” අත්කර ගැනීම මෙම හමුවෙ අරමුනයි.


ඇන්කරේජ් නගරාධිපතිනිය ප්‍රකාශකලෙ මෙම හමුව ගැන ඇය දැනගත්තේ සමාජ මාධ්‍ය හරහා පමණක් බවයි .ඇන්කරේජ් හි සමුළුව ආසන්න මොහොතෙ , රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඉතා නම්‍ය සිලිබවක් පලකරමින් – ට්‍රම්ප්ගේ සාම උත්සාහයන් ප්‍රශංසාවට ලක් කලා.
එමෙන්ම උපායමාර්ගිකව සිදුකෙරෙන න්‍යෂ්ටික අවි පාලනය පිළිබඳ සාකච්ඡා ඇතුළුව දිගුකාලීන ස්ථාවරත්වයක් ඇති කර ගැනීම පිළිබඳ ශුභවාදී අදහස් පලකර තිබුනා. මෙ අතර , ට්‍රම්ප් ප්‍රකාශකර තිබුනෙ මෙය “සවන් දීමේ අභ්‍යාසයක ආරම්බයක් ලෙසයි.
යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කිට මෙම හමුවට ආරාධනා කර නොතිබුනි. කෙසේ වෙතත්, ට්‍රම්ප් සහ පුටින් යන දෙදෙනාම ඉදිරියෙදි යුක්රේන ජනාධිපති සහ සමහර විට අනෙකුත් යුරෝපීය නායකයින් ඇතුළත් සාකච්ඡාවක් පවත්වනු ඇති බවට විශ්වාශය තබා තිබෙනවා
කෙසෙ වෙතත් ඩොන්බාස් වැනි ප්‍රදේශ ඇතුළුව බුමි හුවමාරු කිරීම් පිළිබඳ ඉඟි කරමින් ට්‍රම්ප් කළ පෙර ප්‍රකාශ අන්කුත් බටහිර ජාතින් භිතියට පත්කර තිබෙනවා.
යුක්රේනයේ සහ රුසියාවෙ පූර්ණ සහභාගීත්වයෙන් තොරව සිදු කෙරෙන ඕනෑම ගිවිසුමකට සෙලෙන්ස්කි සහ යුරෝපීය නායකයින් දැඩි ලෙස විරුද්ධවනු වනු ඇති බවට දැනටමත් ප්‍රකාශවි   තිබෙනවා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *