තැපැල් සේවකයින් ආරම්භ කර ඇති දීප ව්‍යාප්ත වැඩ වර්ජනය අද දිනයේත් ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා.
එම පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ, සිය ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සංදේශයක් භාරදීමට කටයුතු කරණ බවයි.
වර්ජනයක් සිදුකලත් දිවයින පුරා තැපැල් කාර්යාල 3147 විවෘතව පැවති බව නියොජ්‍ය තැපැල්පති වරයා සදහන් කළා.
ඉල්ලීම් 19ක් මුල්කරගෙන පෙරේදා සවස ආරම්භ කළ මෙම වැඩවර්ජනය සාර්ථකව සිදුවන බව වෘතීය සමිති පවසනවා.
සිය ඉල්ලීම්වලට නිසි විසඳුම් ලබාදෙන තුරු වැඩවර්ජනය අත්හිටුවීමට පියවර නොගන්නා අතර අද දිනයේ සිය ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සංදේශයක් භාරදීමට කටයතු කරන බවයි චින්තක බණ්ඩාර සඳහන් කළේ.
කෙසේවෙතත් මෙම වැඩවර්ජනය සම්බන්ධයෙන් අදහස් දැක්වූ නියොජ්්‍ය තැපැල්පති චමීශා ද සිල්වා සඳහන් කළේ, තැපැල් සේවකයින්ගේ ඉල්ලීම්වලින් බහුතරයක් මේ වන විටත් ලබාදී ඇති බවයි.
වැඩවර්ජනය නතර කර සාකච්ඡා මාර්ගයෙන් මෙම ගැටලුව විසඳීමට තැපැල් වෘත්තීය සමිතිවලින් ඉල්ලීමක් කරන බව ද රුවන් සත්කුමාර සඳහන් කළා.
මේ අතර තැපෑල අකර්මණ්‍යය කරන්න බොරු බිල්ලෙක් මවාපාන බවත් දේශපාලන අවශ්‍යතා මත අසාර්ථක අසාධාරණ වර්ජන උත්සාහයක් බව ලංකා තැපැල් සේවක සංගමයේ සභාපති ජගත් මහින්ද ප්‍රකාෂ කළා.