මුත්තු නගර් හි නීතිවිරෝධී පස් කැපීම නවතී – සිදුවීමට තිබූ විශාල හානියක් වළක්වා ගනී

මුත්තු නගර් ප්‍රදේශයේ නීතිවිරෝධී පස් කැනීම් විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතාගේ උපදෙස් පරිදි මුල් අදියරේදීම නවත්වා දැමීමට කටයුතු කර තිබෙනවා.
එමගින් සිදුවිය හැකි විශාල හානියක් වළක්වා ගැනීමට හැකිවූ බවයි වාර්තා වන්නේ.

මුත්තු නගර් ප්‍රදේශයේ සෝලා සමාගම් වෙත බදු දී ඇති භූමියෙහි නීතිවිරෝධී පස් කැනීම් සිදු කිරීමට උත්සාහ ගත් බවට හදුනාගන්නා ලද ප්‍රදේශය නියෝජ්‍ය අමාත්‍යවරයාගේ අධීක්ෂණයට ලක්වුණා.
නියෝජ්‍ය අමාත්‍යතුමාගේ උපදෙස් අනුව, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ආරක්ෂක අංශයට නීතිමය හා සම්මත ක්‍රියාමාර්ග අනුව කටයුතු කිරීමට ද අවශ්‍ය උපදෙස් මෙහිදී ලබා දී තිබෙනවා.


මෙම අධීක්ෂණ කටයුත්ත සාර්ථකව සිදු කිරීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය, පොලිසිය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සහ කලාප ලේකම් කාර්යාලය ද එක්ව සහයෝගය දක්වා තිබුණා.
දැනට මෙම නීතිවිරෝධී පස් කැනීම් කටයුත්තට සම්බන්ධ කිහිප දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, තවදුරටත් විමර්ශන සිදු කරන බවටද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කලා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *