ඉදිරි සති කිහිපය තුළ බරපතල ලෙස රෝගාතුර වූ සහ තුවාල ලැබූ පලස්තීන දරුවන් 30 ත් 50 ත් අතර පිරිසක් වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගාසා තීරයේ සිට එක්සත් රාජධානියට ගෙන යනු ඇති බව බීබීසී ලෝක සේවය අද වාර්තා කර තිබුනා.
දරුවන් බ්‍රිතාන්‍ය වෙත රැගෙන යාම සදහා විදේශ කාර්යාලය, ස්වදේශ කාර්යාලය සහ සෞඛ්‍ය අන්ශ සම්බන්ධීකරණය කරනු ලබන අතර බ්‍රිතාන්‍ය රජයේ මෙහෙයුමක කොටසක් ලෙස ගෙන එන පළමු දරුවන් ඔවුන් වනු ඇති බවයි සදහන් වන්නෙ .ලෝක සෞඛ්‍ය සංවිධානය සමග හමාස් පාලනය යටතෙ ඇති සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවය කරන වෛද්‍යවරුන් විසින් අවශ්‍යතාවය අනුව දරුවන් තෝරා ගැනීම කරනු ලබනවා.
මෙම වැඩපිලිවෙල ක්‍රියාවට නැගෙන්නෙ ‘ප්‍රමාදයකින් තොරව” ගාසා තීරයේ සිට රෝගී සහ තුවාල ලැබූ දරුවන් එක්සත් රාජධානියට ගෙන එන ලෙස ඉල්ලා සිටිමින් මන්ත්‍රීවරු පිරිසක් රජයට ලිපියක් ලිවීමෙන් පසුවය.
පසුගිය සතියේ බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන් 96 දෙනෙකුගෙන් යුත් විපක්ශ කණ්ඩායමක් කරනලද ඉල්ලීමකින් අනතුරු අගවා සිටියෙ ගාසා තීරයේ සෞඛ්‍ය සේවා පද්ධතියේ බිද වැටිම හෙතුවෙන් දරුවන් මරනාසන්න අවදානමකට ලක්ව ඇති බවත්, ඔවුන් මුදා ගැනිම සදහා වහාම පියවර ගතයුතුබවත් ය.
ප්‍රොටෙක්ට් පියො හෝප් සංවිධානයේ සහායෙන් ගාසා තීරයේ සමහර දරුවන් දැනටමත් පුද්ගලිකව වෛද්‍ය ප්‍රතිකාර සඳහා එක්සත් රාජධානියට ගෙනැවිත් ඇති අතර රජයෙ මැදිහත්විමෙන් මෙම වැඩපිලිවෙල ක්‍රියාත්මක වන්නෙ පලමු වතාවටයි.
ප්‍රමිතිගත සායනික ක්‍රමවෙද අනුව , ජීවිත අවදානමෙ සිටින , විශේෂිත සත්කාර අවශ්‍ය රෝගීන්ට ගියාට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්ගෙ හෝ වෛද්‍ය විශේෂඥයන් විසින් යොමු කිරීම සඳහා තොරාගත් ලම්‍යිට ප්‍රමුඛතාවය දෙනු ලැබේ.
එක්සත් ජාතීන්ගේ යුනිසෙෆ් වාර්තාවන්ට අනුව , 2023 ඔක්තෝම්බර් මාසයේදී ගාසා තීරයේ යුද්ධය ආරම්භ වූ දා සිටමෙවනවිට ළමුන් 50,000 කට වැඩි පිරිසක් මිය ගොස් හෝ තුවාල ලබා ඇති බවයි ප්‍රකාශවන්නෙ.