‘ජාතික ගමන් මග’ වැඩසටහන යටතේ කනිෂ්ඨ පාසල් 690 ක් සඳහා ක්‍රිකට් උපකරණ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දිවයින පුරා සිදු කරනු ලබන ‘ ජාතික ගමන් මග’ වැඩසටහන යටතේ කනිෂ්ඨ පාසල් 690 ක් සඳහා ක්‍රිකට් උපකරණ කට්ටල බෙදා දීමේ දීපව්‍යාප්ත වැඩසටහන අද පැවැත්වුනා.
ඒ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් ක්‍රිඩා අමාත්‍යාංශයේදී.

මෙහිදී කනිෂ්ඨ ක්‍රිකට් උපකරණ කට්ටල 690 ක්, ක්‍රිකට් සපත්තු කට්ටල 9995 ක්, පන්දු විසිකිරීමේ උපකරණ කට්ටල 97 ක්, ක්‍රිකට් පන්දු 2760 ක් බෙදා දීම සිදු සිදු කරුණා.


මෙම අවස්ථාවට එක්වෙමින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ පැවසුවේ, පාසල් මට්ටමින් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගොඩනැගීම මඟින් ජාතික මට්ටමේ දී සාර්ථක ක්‍රීඩකයින් බිහි කරගත හැකි බවයි.


අනෙකුත් ප්‍රදේශ වලට සාපේක්ෂව උතුරු නැගෙනහිර ප්‍රදේශ වල ක්‍රීඩාවේ පසුගාමී දියුණුවක් පවතින අතර එම ප්‍රදේශවල ක්‍රීඩාව දියුණු කිරීම පිළිබඳව විශේෂ අවධානය යොමු කර කටයුතු කරන බවයි අමාත්‍ය වරයා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේ.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් අරුණ බණ්ඩාර ඇතුළු විශාල පිරිසක් සහභාවී සිටියා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *