මෙම මස අගදී චීනයේ පැවැත්වෙන ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සමුළුවට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහභාගිවන බව ස්තිරකර තිබෙනවා.
මෙහිදි දෙරටේ රාජ්‍ය නායකයන්ගෙ හමුවක් ද සිදුවිමට ද නියමිතයි.
දෙපාර්ශවයේ නිලධාරීන් පවසන්නේ මෙම පියවර දේශසීමා ගැටුම් නිමාකර ගැනිමටත් ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා වු ධනාත්මක පියවරක් වනු ඇති බවයි.
පසුගිය දින දෙක තුල නව දිල්ලියේදී පවති ඉන්දීය සහ චීන විදේශ අමාත්‍යවරු හමුවීම ඒසදහාවු පසුබිම සකසන්නක් වි තිබුනා. මෙහිදි මුලික අවදානය යොමුව තිබුනෙ දේශසීමා ගැටලු කළමනාකරණය සහ ආරක්ෂාව පිලිබද සාකච්ඡා කිරීමයි.
මෙම සාකච්චා අතරතුර දේශශීමා ආරක්ෂාව ශක්තිමත් කිරීම, සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීම සහ සාමය පවත්වා ගැනීම සඳහා නව විශේෂඥ කණ්ඩායම් සහ ක්‍රියාකාරි කණ්ඩායම් පිහිටුවීමට දෙපාර්ශ්වයම එකඟ විතිබෙනවා.
සෘජු ගුවන් ගමන්, වෙළඳ පහසුකම් සහ සංස්කෘතික හුවමාරු නැවත ආරම්භ කිරීම ඇතුළුව ආර්ථික සහ සංස්කෘතික සහයෝගීතාව වර්දනය කෙරෙහි ද සාකච්ඡාවෙ අවධානය යොමු වි තිබුනා.
දුර්ලභ පස්, පොහොර සහ උමං කැණීම් සදහා තාක්ශනික යටිතල පහසුකම් සහ උපකරණ සැපයිමට ඉන්දියාවට සහාය වීමට චීනය මෙහිදි කැමැත්ත පලකර තිබෙනවා.
ඉන්දියාව සහ චීනය කිලෝමීටර 3,400 කට වඩා විහිදෙන දිගු හා මතභේදාත්මක දේශ සීමාවක් බෙදා ගන්නා අතර එවයෙ විවිට්න් විට ඇතිවු ගටුම් පසුගිය ඉතිහාසය පුරා දක්නට ලබුනා.
විශේෂයෙන් ලඩාක් සහ අරුණචාල් ප්‍රදේශවල මෙම ගටුම් දක්නට ලැබුන අතර ඒවායෙ නිශ්චිත ලකුනු කිරිම් පිලිබද එකගතාවකට පැමින නොතිබීමද මීට හෙතුවක් .
1993 සහ 1996 දේශසීමා ගිවිසුම් ඇතුළු අතීත ගිවිසුම් සාමකාමී විසඳුමක් සඳහා රාමුවක් සකස් කළ නමුත් 2020 දි ඇතිවු ගැල්වාන් ගැටුම වැනි සිදුවීම් දෙපාර්ශවයම බියට පත්කලෙ ඉදිරි ආරක්ෂක ගැටළු පිලිබද වු සැකය මතයි.
වත්මන් සාකච්ඡාවල අරමුණ වන්නේ එවැනි ගැටුම් වැළැක්වීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික, මිලිටරි සහ ආර්ථික සබදතා ගොඩ නගා ගැනිමයි.
එමෙන්ම එදිරි වාදි සතුරන් ලෙස නොව අන්නොන්‍ය සහයොගයෙන් දෙපාර්ශවයෙ ශක්තිමත් භාවය තහවුරු කර ගැනිමද අරමුනක්.
එමගින් කලාපිය ශක්තිය තහවුරු කර ගනිමට ද හැකිවනු ඇතැයි විශ්වාශ කෙරෙනවා.