තිස් හය වන ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරතා තරගාවලිය

තිස් හය වන ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරතා තරගාවලිය ඊයේ රත්මලාන ගුවන් හමුදා ස්කොෂ් ක්‍රීඩාගාරයේදී නිමාවට පත්වුණා.
නැගී එන ක්‍රීඩකයා ලෙස කොළඹ රාජකීය විද්‍යාලයේ කෙමිත් හපුආරච්චි ශූරතාවය දිනා ගත් අතර නැගිඑන ක්‍රීඩිකාව ලෙස ගේට්වේ ජාත්‍යන්තර පාසලේ චනුමි නිම්තරා තෙබුවන ශූතාවය දිනා ගනු ලැබුවා.

දින අටක් පුරා පැවති මෙම තරගාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400 ක් පමණ සහභාගී වී සිටියා.
මෙම තරගාවලියේ වයස අවුරුදු නමයෙන් පහළ, එකොළහෙන් පහල, දහතුනෙන් පහළ, පහලවෙන් පහල, දාහතෙන් පහළ සහ දහනවයෙන් පහළ ලෙස තරඟ පැවැත්වුණා.
කනිෂ්ඨ ශූරයා ලෙස කොළඹ රාජකීය විද්‍යාලයේ මතිෂ විජේසේකර ශූරතාවය දිනා ගත් අතර ශූරිය ලෙස කොළඹ කාන්තා විද්‍යාලයේ නෙත්මි වික්‍රමසිංහ ශූරතාවය දිනා ගත්තා.
බාලක අවසන් තරගයේ ජය කොළඹ රාජකීය විද්‍යාලයේ මතීෂ විජේසේකර ජයග්‍රහණය කල අතර
බාලිකා අවසන් තරඟයේ ජය කොළඹ කාන්තා විද්‍යාලයේ නෙත්මි වික්‍රමසිංහ හිමි කර ගත්තා.


ශ්‍රී ලංකා ස්කෝෂ සභාපති ගෘප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍යාග ප්‍රදාන උත්සවය පැවැත්වුණා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *