“කප්රුක් සවිය” උතුරේ පොල් වගාකිරීමේ ව්‍යාපෘතිය සැප්තැම්බර් මස 02 වැනිදා

“කප්රුක් සවිය” උතුරේ පොල් වගාකිරීමේ ව්‍යාපෘතිය සැප්තැම්බර් මස 02 වැනි දින පුදුකුඩුඉරිප්පු නගරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි .

අමාත්‍යවරයා මේ බව පැවසුවේ , කප්තුරු සවිය විශේෂ ව්‍යාපෘතිය පිළිබඳව අද (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
උතුරු පොල් ත්‍රිකෝණයේ වැඩකටයුතු නව අදියරකින් ආරම්භ කිරීමට බලාපොරෝත්තු වන බවත් 2025 වර්ෂයේ උතුරු පළාතේ අක්කර 16,000ක පොල් වගා කිරීමටත් 2027 වර්වෂය වනවිට එම ප්‍රමාණය අක්කර 50, 000ක් දක්වා වැඩි කිරීමට සුදානම් බවත් හෙතෙම පැවසීය.
යාපනය , මුලතිව් , මන්නාරම උතුරු පොල් ත්‍රිකෝණය ලෙස ප්‍රවර්ධන කිරීමට මෙන්ම උතුරේ පළමු බීජ ගොවිපල පලෙයි නගරයේ ආරම්භ කිරීමටද සැළසුම් යොදා ඇතැයි ද එහිදී අමාත්‍යවරයා පැවසුවේය.
මෙම සංවර්ධන ව්‍යාපෘතිය උතුරු ප්‍රදේශයට රැගෙන යාමට හේතුවක් වූයේ එම ප්‍රෙද්ශවල සංවර්ධනය අඩු මට්ටමෙන් පැවතීමත් , පොල් වගා කිරීමට යෝග්‍ය ඉඩම් සහ දේශගුණය තිබීමත් , ජනතාව වගා කිරීමට කැමැත්තෙන් පසුවීමත් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම කුඩා ප්‍රමාණයේ වගාකරුවන් මෙන්ම මහා පරිමාණයේ වැවිලිකරුවන්ටත් ආධාර ලබා දී පොල් වගාව උතුරේ ආරම්භ කරන බවත් වගා කිරීම සඳහා අවශ්‍ය බීජ පැළ ලබා දීමත් පොහොර ලබා දීමත් , බිංදු ජල සම්පාදනය , ක්ෂද්‍ර ජල සම්පාදනය සඳහා ගොවීන් සූදානම් නම් ඒ සඳහා අක්කරයට රුපියල් 30000ක් ලබා දී මෙය ක්‍රමානුකූල වගාවක් බවට පත් කිරීමට සූදානම් බවද පැවසීය.
එමෙන්ම පොල් සහ අනෙකුත් වැවිලි ක්ෂේත්‍රවලට උපාය මාර්ගික සැළසුම් සකස් කර ඇති බවත් පොල් වගාවෙන් අපනයන ආදායම විශාල වශයෙන් රටට ගෙන ඒමට හැකි බවත් මේ වන විට යුනෙටෝ ආයතනය සමඟ එක්ව ඊට අදාළව පස් අවුරුදු සැළැස්මක් සකස් කර ඇති බවත් 2030 වන විට ඇමරිකානු ඩොලර් මිලියන 1500 ක් දක්වා අපනයන අදායම ඉහළ නැංවීමට බලාපොරොත්තුව වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

Comments (0)

Your email address will not be published. Required fields are marked *