ජනාධිපති කාර්යාලය විසින් පසුගිය මැයි 15 වන දින පවත්වන ලද වාහන ටෙන්ඩර් ක්‍රමයට විකිණීමේ
දෙවෙනි අදියර පිළිබඳව විවිධ අසත්‍ය ප්‍රචාර ඇතැම් ජනමාධ්‍ය ඔස්සේ සහ විශේෂයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කෙරෙමින් තිබීම නිරීක්ෂණය වී තිබේ.
වත්කම් කළමනාකරණ චක්‍රලේඛ 05/2024 යටත්ව මෙහිදී කටයුතු කර ඇත.
මෙලෙස ටෙන්ඩර් ක්‍රමයට විකිණීමේදී රජයේ විවෘත ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කර ඇති අතර 2025-04-23 වන දින නියමිත පටිපාටියට අනුව පුවත්පත් නිවේදන මගින් ටෙන්ඩර් කැඳවීම ප්‍රසිද්ධියට පත් කරනු ලැබ තිබිණි. ඒ වෙනුවෙන් මුදල් ගෙවා ටෙන්ඩර් අයදුම්පත් ලබාගත් අයදුම්කරුවන් 108 දෙනෙකු ටෙන්ඩර් පත් කැඳවීම අවසන් වූ 2025-05-15 දිනට තමන්ගේ මිල ගණන් ඉදිරිපත් කර තිබූ අතර එදින පෙ.ව 11.00ට ටෙන්ඩර් පත් විවෘත කර ටෙන්ඩර් ක්‍රමයට වාහන අලෙවි කිරීම සිදු කරන ලද්දේ නියමිත පටිපාටිය අනුවය.
එහිදී රජයේ තක්සේරු වටිනාකම ඉක්මවා ඉහළම මිල ගණන් ඉදිරිපත් කරන ලද ටෙන්ඩර් අයදුම්කරුවන්ට වාහන අලෙවි කිරීමට කටයතු කරන ලදී. ඇතැම් වාහන සඳහා රජයේ තක්සේරුව ඉක්මවා මිල ගණන් ඉදිරිපත් නොවූ බැවින්, අලෙවි කරන ලද්දේ ඉදිරිපත් කරන ලද වාහන 26න් 17ක් පමණි. එසේ රජයේ තක්සේරු වටිනාකම ඉදිරිපත් නොවු වාහන අතරට වාහන 09ක් ඇතුළත්ය.
ඒ අනුව 2025-05-15 වන දින සිදු කෙරුණු ටෙන්ඩර් ක්‍රමයට වාහන අලෙවි කිරීමේදී, අලෙවි වූ වාහන පිළිබඳ විස්තරය මෙසේය
S.No | Vehicle No | Model | Government Valuation (Rs.) | Sold Out value (Rs.) |
1 | CAB-3453 | FORD EVEREST- Motor Car | 2,500,000.00 | 5,390,000.00 |
2 | KY-9967 | FORD EVEREST – Motor Car | 1,900,000.00 | 8,800,000.00 |
3 | KA-1016 | HYUNDAI TERRACAN- Motor Car | 3,500,000.00 | 3,788,999.00 |
4 | CAP-9828 | LAND ROVER DISCOVERY 4 S- Motor Car | 25,000,000.00 | 27,100,000.00 |
5 | GP-4599 | MITSUBISHI R MONTERO Motor Car | 5,000,000.00 | 8,622,500.00 |
6 | KY-5541 | NISSAN TEANA- Motor Car | 5,500,000.00 | 8,195,950.00 |
7 | KD-6376 | NISSAN XTRAIL- Motor Car | 4,000,000.00 | 6,127,000.00 |
8 | GD-7249 | NISSAN PATROL – Motor Car | 13,000,000.00 | 14,599,900.00 |
9 | GD-7209 | NISSAN PATROL Motor Car | 11,500,000.00 | 12,200,000.00 |
10 | KW-6235 | PORSCHE CAYENNE S- Motor Car | 13,500,000.00 | 13,610,000.00 |
11 | CAC-4493 | SSANG YONG REXTON W- Motor Car | 8,300,000.00 | 9,475,000.00 |
12 | CAC-4502 | SSANG YONG REXTON W- Motor Car | 8,500,000.00 | 9,676,000.00 |
13 | KJ-0642 | SSANG YONG REXTON270XDI – Motor car | 4,000,000.00 | 5,010,000.00 |
14 | KC-7323 | TOYOTA LAND CRUISER SAHARA- Motor Car | 6,500,000.00 | 12,599,900.00 |
15 | KU-7912 | TOYOTA LANDCRUISER V8 Motor Car | 28,000,000.00 | 32,150,650.00 |
16 | 61-0520 | MITSUBISHI ROSA – Motor Coach | 2,200,000.00 | 4,167,350.00 |
17 | KW-5401 | LAND ROVER DISCOVERY – Motor Car | 13,000,000.00 | 18,675,000.00 |
Total | 155,900,000.00 | 200,188,249.00 |