සුලු හා මධ්‍ය පරිමාන ව්‍යාපාර වෙනුවෙන් ණය යොජනා ක්‍රමයක්

පරිසර හිතකාමි කාර්මික පරිසරයක් ඇති කිරිමේ අරමුනින් සුලු හා මධ්‍ය පරිමාන ව්‍යාපාර වෙනුවෙන් ණය යොජනා ක්‍රමයක් අරම්භකර තිබෙනවා.
කර්මාන්ත හා වණිජ කටයුතු අමාතයංශය විසින් ආරම්භ කල මෙය පරිසර හිතකාමි චක්‍රීය අරමුදල් ණය යොජනා ක්‍රමය ලෙසයි හදුන් වන්නෙ.

කාර්මික නිශ්පාදන ක්‍රියාවලිය තුලින් සිදුවන පරිසර දූශනය සහ අපද්‍රව්‍ය අවම කිරිම ,සම්පත් ප්‍රතිශාදනය සහ සුරැකිම පරිසර දූශනය පාලනය කිරිම සහ අවම කිරිම , පරිසර ගැටලු විසදීම සදහා කටයුතු කිරිම බලශක්ති පරිබෝජනය සහ පරිසරික වැඩි දියුනු කිරිම සදහා අවශ්‍ය මූලික ක්‍රමෝපායන් ආරම්භ කිරිම වැනි කටයුතු සදහා මෙම ණය යෝජනා ක්‍රමය යටතෙ ව්‍යවසායකයින්ට සහන පොලි අනුපාතය යටතෙ ණය මුදල් ලබා දෙනු ලබනවා.
උපරිම ණය මුදල රුපියල් මිලියන 30 ක්වන අතර වාර්ශික පොලි අනුපාතය සියයට 6.5 ක් වන අතර ගෙවිමෙ කාලය වසර 10 කි. ඊට වසර දෙකක සහන කාලයක්ද ඇතුලත්වේ.


පරිසර දුශනය අවම කිරිම සදහා වන ක්‍රියාවලියෙදි අවශ්‍ය පරිසර හිතකාමි යන්ත්‍රොපකරන මිල දි ගැනිම මෙමගින් සිදුකල හැකි වෙනවා.
අවදානම් සහිත ද්‍ර්ව්‍ය සහ ශ්බ්ද සදහා කම්කරුවන් නිරාවරනය විම වනි කරුනු මෙහිදි විශේෂ සැලකිල්ලට යොමුවන බවද ප්‍රකාශ වෙනවා. එමෙන්ම සම්පත් ඉතිරිය බලශක්ති පරිබෝජනය අවම කිරිම දිරි ගන්විම මෙමගින් අපේක්ශා කෙරෙනවා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *