විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව සිදුකල පෙත්සම් විභාගයේ රහසිගත නිගමනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත යොමු කරන බව නිවේදනය කළා.
අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් අදාල පෙත්සම් අද විභාගයට ගෙන අවසන් කලා.
කෙටුම්පතේ වගන්ති වලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගනය වන බවත් එය සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් හා ජනමත විචාරණයක් අවශ්‍ය බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලමින් පෙත්සම් ගොනුකර තිබුණා.
දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
මෙම නඩුකරයට අදාළ ලිඛිත දේශනා තිබේ නම් ඒවා ලබන බ්‍රහස්පතින්දා දහවල් 12.00 පෙර ගොනුකරන ලෙසත් විනිසුරු මඩුල්ල පාර්ශවකරුවන්ට නියම කළා.
ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකට යොමු කරන බවත් විනිසුරු මඩුල්ල සඳහන් කර තිබෙනවා.