ශ්‍රීපාද වන්දනා සමය හෙටින් අවසන් ‍වෙයි

ශ්‍රීපාද වන්දනා සමය වෙසක් පුන් පෝය දින යෙදෙන හෙට (12) දිනයෙන් අවසන්වීමට නියමිතයි.

ඒ අනුව වෙසක් පුන් පෝය දිනට පසුදින ශ්‍රීපාද උඩ මළුවේදී සධාතුක කරඬුවට හා ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ රන් මුවා පිළිමයට බෞද්ධ වත් පිළිවෙත් අනුව වන්දනාවාරය නිමා කිරීමට ප්‍රථම චාරිත්‍රාණුකූල පුද පූජා පැවැත්වීම සිදු කෙරෙනවා.

ඉන් අනතුරුව සධාතුක කරඬුව, සමන්දේව රුව හා දේවාභරණ රැගත් විශේෂ පෙරහැර පැල්මඬුල්ල ගල්පොත්තාවෙල ශ්‍රීපාද රජමහා විහාරය දක්වා වැඩම කිරීම සඳහා ශ්‍රීපාදස්ථානයේ සිට නල්ලතන්නිය ශ්‍රීපාද ධර්ම මධ්‍යස්ථානය වෙත එදින පස්වරුවේ ගමන් ආරම්භ කිරීමට නියමිතයි.

Comments (0)

Your email address will not be published. Required fields are marked *