අපරාධ කල්ලි නායකයකු වූ සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව අලුත්කඩේ අධිකරණ සංකීරණය තුළදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධඉෂාරා සෙව්වන්දි මෙරටින් පලායාම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ඇය විදෙස් රටක සිට වෙස්වළාගෙන ශ්‍රී ලංකාවට පැමිණ සිය මවගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමට ද උත්සාහ දරා ඇති බව ද අනාවරණය වී තිබුණා,
ගනේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරිමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු පුත්තලම, පාලවීය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබූ අතර සැකකාර ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය ශ්‍රී ලංකාවෙන් පලා ගිය බව මන්දිනු පද්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පද්මේ අනාවරණය කර තිබුණා.