මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට අවශ්‍ය පහසුකම් ලබා දීමට රජයේ අවදානය

මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට අවශ්‍ය පහසුකම් ලබා දීමට කඩිනමින් කටයුතු කරන බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන පවසනවා.
ඔහු ඒ බව පැවසුවේ ඊයේ මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරතවෙමින්.

නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ තිබෙන මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ ස්කෑන් යන්ත්‍රයක් නොමැති බව නීර්ක්ශණ චාරිකාවේ දී දැනගන්නට ලැබුණු බවයි.
ලබන අවුරුද්දේ මුල් කාලසීමාව ඇතුලත ස්කෑන් යන්ත්‍රයක් රෝහලයට ලබාදීමට කඩිනමින් කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා සිටියේ.
රෝහලේ අධ්‍යක්ෂක පුෂ්පා ගම්ලද්ද හා රෝහල් කාර්ය මණ්ඩලය මෙම අවස්ථාව සංවිධානය කර තිබුණා.
ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න ද මෙම නිරීක්‍ෂණ චාරිකාවට එක්වු ණා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *