රවිචන්ද්‍රන් අශ්වින් ඉන්දීය ප්‍රිමියර් තරගාවලියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා.
අශ්වින් සිය IPL දිවිය අවසන් කරන්නේ එම ලීගයේ පස්වන වැඩිම කඩුලු ලාභියා ලෙසයි.
හිටපු ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් අද ඔහුගේ ‘X’ ගිණුමේ සටහනක් හරහා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් විශ්‍රාම යන බව නිවේදනය කළා.
අශ්වින් සිය IPL වෘත්තීය ජීවිතය අවසන් කරන්නේ තරඟ 221 කදී කඩුලු 187 ක් දවා ගනිමින් එම ලීගයේ පස්වන වැඩිම කඩුලු ලාභියා ලෙසයි.
ඔහු තම IPL වෘත්තීය ජීවිතය ආරම්භ කළේ සහ අවසන් කළේ ඔහුගේ උපන් නගරය වන චෙන්නායි සුපර් කිංග්ස් සමගින් වන අතර
2010 සහ 2011 දී එම කණ්ඩායම දිනාගත් IPL ශූරතා ජයග්‍රහණවල අනිවාර්ය සාමාජිකයෙකු බවට පත්වුනා.
පසුගිය වසරේ 2024 දෙසැම්බර් මාසයේදී පැවති බෝඩර්-ගවස්කාර් කුසලාන තරඟාවලියේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව බ්‍රිස්බේන් ටෙස්ට් තරඟයෙන් පසුව ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යෑමද සිදු වුනා.
කේසේනමුත් ඔහු ඉදිරියේදී විදේශීය T20 ලීගයන් සඳහා ක්‍රීඩා කිරීමට අපේක්ෂා කරයි.