අද විපක්ශ නායක කාර්‍යාලයේ පැවැති විපක්ශ දේශපාලන නායක හමුවේදී විපක්ශ නායකවරයා මේ බව කියා සිටියා.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිදහස් කර ගැනීම සදහා කැපවූ සියලු දෙනාට ස්තූතිය පල කිරීම සදහායි මේම සාකච්චාව පැවැත්වුනේ.
දේශපාලන පලක්ශ නායකයින්, නීතිඥවරුන්, සිවිල් සංවිධාන නියෝජිතයින් සහ පොදු ජනතාවට ස්තූතිය පලකිරීම මෙහිදී සිදු වුනා.
මෙහිදී අදහස් දැක්වූ විපක්ෂයේ නායකයින් ප්‍රකාශ කර සිටියේ විරෝධතාවට එක් වූ පිරිස් බිය ගැන්වීම සඳහා ආණ්ඩුව විවිධ උපක්‍රම යෙදූ බව යි.
තර්ජනයකට ලක්වන පිරිස් සඳහා වහාම නීති ආධාර ලබා දීමට නීතිඥ මණ්ඩලයක් ස්ථාපිත කිරීමට විපක්ෂ නායක කටයුතු කර තිබෙනවා.
ඒ අනුව එම කණ්ඩායම සම්බන්ධීකරණය කිරීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි නම් කර ඇති අතර
මෙම අවස්ථාවට සම්බන්ධ වූ දේශපාලන පක්ෂ මෙන් ම සිවිල් සංවිධාන ඇතුළු පුළුල් එකමුතුවක් ගොඩනැගීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සඳහා හිටපු අමාත්‍ය ලසන්ත අලගියවන්න සහ හිටපු මන්ත්‍රී සමන් රත්නප්‍රිය නම් කර තිබෙනවා.