නාවලපිටියේ ලක්ෂ 35ක රන් භාණ්ඩ කොල්ලයක්

නාවලපිටිය සුපිරි වෙළෙඳ සංකීර්ණයේ රන් භාණ්ඩ අලෙවිසැලක් බිඳ රන් භාණ්ඩ ඇතුළුව ලක්ෂ 35ක වටිනාකමින් යුත් භාණ්ඩ සොරකම් කළ ප්‍රද්ගලයන් තිදෙනෙක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

නාවලපිටිය සුපිරි වෙළෙඳ සංකීර්ණයේ දෙවන මහළේ පවත්වාගෙන ගිය රන්භාණ්ඩ අළෙවි හා උකස් මධ්‍යස්ථානයක් බිඳ ලක්ෂ 35ට අධික වටිනාකමකින් යුත් රන් භාණ්ඩ හා උපකරණ සොරාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම පුද්ගලයා මීට වසර 12ට පෙර නාවාලපිටියේ තම බිරිඳගේ නිවසට පදිංචිවයට පැමිණ තිබෙන අතර මත් ද්‍රව්‍ය හා මුදලට ඔට්ටු චැමීම සඳහා ලදින් ඇබ්බැහි වූවෙකු බවයි නාවලපිටිය පොලිසිය පවසන්නේ.


අදාළ රන් භාණ්ඩ වෙළෙඳසැල බිඳ එහි තිබූ රන් භාණ්ඩ, නවින පන්නයේ ජංගම දුරකතනයක්, හා ලැප්ටොප් පරිගණකයක් ඇතුළු ලක්ෂ 35ට ආසන්න වටිනාකමකින් යුත් භාණ්ඩ සොරාගෙන ඇති අතර මෙම සොරකම සඳහා අනුබල දුන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.


අදාළ සිදුවීම වාර්තා විමත් සමඟ සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරුවන් හඳුනා ගැනීමට හැකි වූ බවත්, ගත වූ මාස 03 තුළ නාවලපිටිය නගරයේ කෝවිල් ඇතුළු පූජනීය ස්ථාන හා වෙළෙඳසැල් මෙන්ම නිවාස බිඳ සොරකම් කිරීමේ සිදුවීම්වලට ද මෙම සැකකරුවන්ගේ සබඳතාවක් ඇති බවට අනාවරණය වී ඇති බව නාවලපිටිය පොලිස් අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක සුරේෂ් ධනවර්ධන ප්‍රකාශ කර සිටියා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *