ෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය වශයෙන් හැඳින්වෙන මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහර අද වීදි සංචාරය කිරීමට නියමිතයි.
ඒ පස්වරු 06:00 පසු වී විනාඩි 57ට යෙදෙන සුබ මොහොතින්.
ශ්‍රී දළදා මාලිගාවේ පත්තිරිප්පුව අසලින් නාථ, විෂ්ණු, පත්තිනි, කතරගම සිවු මහා දේවාල පෙරහර කැටුව පිටත් වන දළදා පෙරහර වැව පාර, දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ රජවීදියෙන් ඉහළට විත් ගෙවැදීම සිදු වේ.
අවසන් රන්දෝලි මහා පෙරහර නැරඹීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක ද එක් වන අතර අති විශාල දෙස් විදෙස් ජනතාවක් පෙරහර නැරඹීමට පැමිණෙතැයි පෙරහරේ සංවිධාන කමිටු බලාපොරොත්තු වේ.
හෙට දිය කැපුම් පෙරහර සහ දහවල් පෙරහර අවසන්ව ජනාධිපතිට පෙරහර සන්දේශය පිළිගැන්වීමෙන් අනතුරුව මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය අවසන් විඉමට නියමිතයි .
අවසන් රන්දෝලි පෙරහැර වෙනුවෙන් විශේෂ ආරක්ෂක හා රථවාහන සැලැස්මක් මහනුවර නගරය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක බවයි පොලීසිය ප්‍රකාශ කරන්නේ.
හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය අවසන් මහා රන්දෝලි පෙරහර අදයි
