ශ්‍රී ලංකා විදුලි බල සංශෝධන පනතේ ස්වේච්ඡා විශ්‍රාම යාමේ යෝජනා ක්‍රමයේ නියමයන් හා කොන්දේසි මේ වන විට ගැසට් කර තිබෙනවා.
ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලයේ ස්ථිර කාර්යය මණ්ඩලය යටතේ සේවය කරන සේවකයෙකුට ස්වේච්ඡා විශ්‍රාමයාමේ යෝජනා ක්‍රමයට අනුව ගෙවනු ලබන වන්දි මුදල් මෙම ගැසට් නිවේදනය මඟින් තවදුරටත් ප්‍රකාශයට පත්කර ඇති බව සඳහන්.
ශ්‍රී ලංකා විදුලි බල සංශෝධන පනතේ ස්වේච්ඡා විශ්‍රාම යාමේ යෝජනා ක්‍රමයේ නියමයන් හා කොන්දේසි ගැසට් කර තිබෙනවා.
මෙලෙස ගැසට් කර ඇත්තේ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති අදාළ ගැසට් නිවේදනය මඟින් ස්වේච්ඡාවෙන් විශ්‍රාම යාම සඳහා හිමිකම් ලබන විදුලි බල මණ්ඩල සේවකයින්ට අදාළ නියමයන් හා කොන්දේසියි.
2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලි බල පනතේ 18 වන වගන්තියේ තුන්වන උප වගන්තියට අදාළව මෙම නියෝග ප්‍රකාශ කර තිබෙන අතර ඒ අනුව ලංකා විදුලි බල මණ්ඩලයේ ස්ථිර කාර්යය මණ්ඩලය යටතේ සේවය කරන සේවකයෙකුට ස්වේච්ඡා විශ්‍රාමයාමේ යෝජනා ක්‍රමයට අනුව ගෙවනු ලබන වන්දි මුදල් මෙම ගැසට් නිවේදනය මඟින් තවදුරටත් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
වසර 10ක් හෝ ඊට වැඩි සේවා කාලයක් සපුරා ඇති සේවකයෙකු ස්වේච්ඡාවෙන් විශ්‍රාම යන අවස්ථාවක දී ඔහු සේවයේ යෙදුනු සේවා කාලයේ සෑම මාස 12ක් සඳහාම මාස දෙකක වැටුප සහ සේවය කිරීමට ඉතිරිව ඇති කාලයේ සෑම මාස 12ක් සඳහාම මාස එකහමාරක වැටුප වන්දි වශයෙන් හිමිවන බවයි එම ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ.
වසර 10 කට වඩා අඩු සේවා කාලයක් ඇති සේවකයින් සඳහා සේවය කරන ලද සේවා කාලයට අදාළ සෑම මාස 12ක් සඳහා මාස 5 වැටුප වන්දි වශයෙන් පිරිනැමෙන අතර සේවය කිරීමට ඉතිරිව ඇති කාලයට අදාළව කිසිදු ගෙවීමක් නොගෙවන බව ඳ එහි වැඩිදුරටත් සදහන්. ඊට අමතරව කොන්ත්‍රාත් පදනම යටතේ සේවය කරන සේවකයින්ට වන්දි ලබාදෙන ආකාරය මෙන්ම තවත් නියමයන් සහ කොන්දේසි කිහිපයක් ආදාළ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
විදුලි බල මණ්ඩලයේ ස්වේච්ඡා විශ්‍රාම යෑමේ නියමයන් හා කොන්දේසි ගැසට් කෙරේ..