කෘතිම බුද්ධියෙන් ඇමති කෙනෙක් හදයි – ආණ්ඩුවේ ටෙන්ඩර් අධීක්ෂණය පවරයි



ඇල්බේ­නි­යාව ලොව පළ­මු­ව­රට කෘත්‍රිම බුද්ධි­යෙන් ඇමැ­ති­ව­ර­යෙක් නිර්මා­ණය කර­මින් ඉති­හා­ස­යට එක්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මේ කෘත්‍රිම බුද්ධි ඇමැ­ති­ව­රයා ඇල්බේ­නි­යානු බසින් සූර්යයා අරුත දෙන ඩියේලා නමින් හඳුන්වා ඇති අතර, එරට දූෂ­ණය තුරන් කිරීම ඩියේ­ලාගේ රාජ­කා­රිය බව ඓති­හා­සික නිර්මා­ණය එළිදක්ව­මින් අග­මැති එඩී රාමා ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කර තිබෙනවා.

රජයේ ප්‍රස­ම්පා­ද­නය අධී­ක්ෂ­ණය කිරීම කෘත්‍රිම බුද්ධි ඇමැ­ති­ව­ර­යාගේ කාර්ය­භා­රය බවත්, රජයේ ටෙන්ඩර්, කොන්ත්‍රාත්තු සහ පෞද්ග­ලික සමා­ග­ම්වල විවිධ ව්‍යාපෘති විනි­වි­ද­භා­ව­ය­කින් යුතු සිදු­ව­න්නේ­දැයි අධී­ක්ෂ­ණය කිරීම ඩියේලා වෙතින් අපේක්ෂා කරන බවත් ඇල්බේ­නි­යානු අග­මැ­ති­ව­රයා ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

එරට ප්‍රස­ම්පා­දන ක්‍රියා­ව­ලිය සහ ටෙන්ඩර් පටි­පා­ටිය ඔස්සේ ජන­තා­වගේ සෑම මුද­ලක්ම 100%ක්ම නිවැ­ර­දිව භාවිත කිරීම රජයේ අර­මුණ වී ඇතැයි ද, ඒ සඳහා ඩියේ­ලා­ගෙන් විශාල දාය­ක­ත්ව­යක් ලැබෙනු ඇතැයි ද අග­මැ­ති­ව­රයා විශ්වා­සය පළ කර තිබෙනවා.

තරු­ණි­යක් ලෙස නිර්මා­ණය කර ඇති ඩියේලා සාම්ප්‍ර­දා­යික ඇල්බේ­නි­යානු කාන්තා ඇඳු­මින් සැර­සුණු රුව­කට හිමි­කම් කියන අතර, කැබි­නට් මණ්ඩල රැස්වී­ම්ව­ලදී වීඩියෝ තාක්ෂ­ණය ඔස්සේ ඊට සම්බන්ධ වනු ඇතැ­යිද, සාක­ච්ඡා­ව­ලදී සිය අද­හස් පළ කරනු ඇතැයි ද වැඩි­දු­ර­ටත් වාර්තා වනවා.


(WAKE UP TO 7 – දිනමිණ)

Comments (0)

Your email address will not be published. Required fields are marked *