රුධිර අවශ්‍යතා සම්පුර්නයෙන්ම ස්වේච්ඡා පරිත්‍යාග මගින් සපුරාගන්නා රටක් ශ්‍රී ලංකාව

ජාතික රුධිර පාරවිලයන සේවයට වාර්ෂිකව ලැබෙන රුධිර ඒකක 450,000 න්, 380,000 කට අධික ප්‍රමාණයක්, එනම් 85%ක් පමණ රැස් කරගනු ලබන්නේ මෙම ජංගම කඳවුරුවලින්, මේ සඳහා වසරකට 5,000 කට ආසන්න ජංගම රුධිර දාන කඳවුරු සංඛ්‍යාවක් සංවිධානය වෙනවා. අද වන විට ශ්‍රී ලංකාව 100% ක් ස්වේච්ඡා රුධිර පරිත්‍යාග මගින් රුධිර අවශ්‍යතා සපුරා ගන්නා රටක් බවට පත් වී ඇත්තේ ඔවුන්ගේ විශිෂ්ට මෙහෙවර තුළිනි..

ජුනි මස 14 වැනි දිනට යෙදෙන ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය නිමිත්තෙන් සංවිධානය කළ, ජාතික සැමරුම් උත්සවය අමතමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ම්ගෙබව ප්‍රකාශ කලාය. මෙම උත්සවය අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.මෙහිදි රුධිර පරිත්‍යාගශීලීන් ඇගැයීමද මෙහිදී සිදු කෙරිණ. මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය ,
ලෝක සෞඛ්‍ය සංවිධානයේ තේමාව වූයේ “Give Blood, Give Hope, Together we save lives” යන්නයි, මෙරට වාර්ෂික රුධිර අවශ්‍යතාවයෙන් 85% ක් පමණ සැපයෙන ජංගම රුධිර දාන කඳවුරු සංවිධායකයින්ග අසමසම දායකත්වයෙන් සිදු වෙනවා. මේ අවස්ථාවේ ඒකට මම ඔවුන්ට ස්තූති කරන්න කැමතියි.

මෙම උපහාර උළෙල සඳහා රුධිර පරිත්‍යාගශීලීන් 1,500 ක් සහ රුධිර දාන කඳවුරු සංවිධායකයින් 1,000 කට ආසන්න පිරිසක් සහභාගී වෙනවා. කිසිදු ජාති, ආගම්, පළාත් හෝ ප්‍රදේශ භේදයකින් තොරව දිවයිනේ සියලුම ප්‍රදේශ නියෝජනය කරමින්, ව්‍යාපාරික ආයතන, රාජ්‍ය ආයතන, ස්වේච්ඡා සංවිධාන, පාසල්, ආරක්ෂක අංශ සහ තනි පුද්ගලයන්ද ඇතුළු පුළුල් පරාසයක දායකයන් මෙහි දී සම්මාන ලබන ලදි.
.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *