වියට්නාම නීතියේ අපරාධ වැරදි අටකින් මරණ දඬුවම ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.
ඒ අනුව එම වැරදිකරුවන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලබා දීමටයි වියට්නාම රජය කටයුතු කර ඇත්තේ.
අපරාධ වැරදි අටක් සඳහා මරණ දඬුවම අහෝසි කරන අපරාධ නීති සංග්‍රහයට සංශෝධනයක් රටේ ජාතික සභාව ඒකමතිකව සම්මත කළ බව වියට්නාම් රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය බදාදා (25) වාර්තා කළා.
ලබන මාසයේ සිට අල්ලස් ගැනීම, වංචා කිරීම, ව්‍යාජ ඖෂධ නිෂ්පාදනය කිරීම සහ වෙළඳාම් කිරීම, නීති විරෝධී ලෙස මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම, ඔත්තු බැලීම, “සාමය විනාශ කිරීමේ සහ ආක්‍රමණශීලී යුද්ධයක් ඇති කිරීමේ අපරාධය” මෙන්ම කඩාකප්පල්කාරී ක්‍රියා සහ රජය පෙරළා දැමීමට උත්සාහ කිරීම යන චෝදනාවලට ලක්වන පුද්ගලයින්ට තවදුරටත් මරණ දඬුවම නියම නොවනු ඇත.
මෙම අපරාධ සඳහා උපරිම දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් වනු ඇති බවයි වාර්තා වන්නේ.
ජූලි 1 වන දිනට පෙර මරණීය දණ්ඩනය නියම වූ නමුත් තවමත් මරණ දඬුවම ක්‍රියාත්මක කර නොමැති අයගේ දඬුවම් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් දක්වා ලිහිල් කෙරෙන බවත් පැවසෙනවා.
මිනීමැරුම්, රාජද්‍රෝහීත්වය, ත්‍රස්තවාදය සහ ළමා ලිංගික අපයෝජනය ඇතුළු වියට්නාම නීතිය යටතේ ඇති තවත් අපරාධ වැරදි 10 ක් සඳහා මරණ දඬුවම තවදුරටත් පවතිනු ඇත.
මරණ දඬුවම පිළිබඳ දත්ත වියට්නාමයේ රාජ්‍ය රහසක් වන අතර දැනට රට තුළ මරණ දඬුවම නියම වී සිටින පුද්ගලයින් කොපමණ සංඛ්‍යාවක් සිටිනවාද යන්න නොදනී.