පරිසර කළමනාකරණය සහ තිරසාර කෘෂිකාර්මික භාවිතයන් සම්බන්ධයෙන් සාකච්චාවක් ඉන්දුනීසියානු තානාපතිනි ඩිවි ගුස්ටිනා ටොබිං හා පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි අතර පවත්වා තිබෙනවා.
පාරිසරික සහයෝගීතාව ඉහළ නැංවීමේ අරමුණ ඇතිවයි මෙම හමුව පවත්වා ඇත්තේ.
ඉන්දුනීසියාව විසින් සාර්ථකව නිපදවා ඇති කාබනික දියර පොහොර පිළිබඳව මෙහිදී තානාපතිනිය විසින් අදහස් දක්වා තිබෙනවා.
පොල්, තේ සහ වී වැනි ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන බෝග ඔස්සේ කාබනික දියර පොහොර නිපදවීම සඳහා පරීක්ෂණ පවත්වා ඇති බවත් එහි ප්‍රතිඵල ඉතාමත් සාර්ථක වූ බවයි ඇය එහිදී පවසා ඇත්තේ.
පරිසර අමාත්‍යතුමා විසින් මෙම යෝජනා අගය කරනු ලැබූ අතර, දෙරට අතර කෘෂිකර්මාන්තය සහ පරිසර කළමනාකරණය සම්බන්ධයෙන් ඒකාබද්ධ වැඩසටහන් ගවේෂණය කිරීමට ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය පවසා තිබෙනවා.
හරිත අනාගතයක් සඳහා තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට දෙරටම කැපවී සිටින බවයි දෙපාර්ශවය විසින් මෙහි දී වැඩිදුරත් පවසා ඇත්තේ.