රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහභාගි වන්නේ නම් පමණක් තුර්කියේ පැවැත්වෙන යුක්රේන-රුසියා සාකච්ඡාවලට තමන් එක්වන බව සෙලෙන්ස්කි පවසනවා.
ඔහු තවදුරටත් පවසන්නේ තමා අපේක්ෂා කරන්නේ පුටීන් සමග මුහුණට මුහුණ සාකච්ඡාවක් මිස පුටින්ගේ නියෝජිතයන් සමග සාකච්ඡාවක් නොවන බවයි.
මෙම සාකච්ඡාව 15 වැනිදා එනම් හෙට තුර්කියේදී පැවැත්වීමටයි දෙපාර්ශ්වයම මුලදී තීරණය කර තිබුණේ.
පුටින් සාකච්ඡා සඳහා යනවාද නැද්ද යන්න ප්‍රකාශ කිරීමට ක්‍රෙම්ලිනය මෙතෙක් අපොහොසත් වී ඇත.
“ජනාධිපතිවරයා එය අවශ්‍ය යැයි සලකන වහාම අපි එය ප්‍රකාශයට පත්කරන්නෙමු ” ක්‍රෙම්ලින් ප්‍රවෘත්ති නියෝජිත ඩිමට්‍රී පෙස්කොව් පවසනවා.
මෙම සාකච්ඡාවට මුල පුරන්නේ
රුසියන් පාශ්‍රවයෙන් ගත් ඒකමතික තීරණයක් අනුවයි
10 සෙනසුරාදා ක්‍රෙම්ලිනයේ සිට රූපවාහිනී විකාශනයකට සහභාගී වෙමිනුයි පුටීන් මේම ආරාධනාව කර ඇත්තේ.
රුසියාව සහ යුක්රේනය අතර අවසන් සෘජු සාකච්ඡා සිදු වූයේ රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට වසර තුනකට පෙර බවයි පැවසෙන්නේ.