අදත් වැල්ලම්පිටියේ වෙඩි තැබීමක්.

අද (25) අලුයම වැල්ලම්පිටිය, කිත්තම්පහුව ප්‍රදේශයේ පිහිටි නවාතැන්ලක සිටි පුද්ගලයන් දෙදෙනෙක් ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීමක් වාර්තා විය. පොලිසිය පවසන්නේ මෙම සිදුවීමට පුද්ගලයන් තුන් දෙනෙකු සම්බන්ධ වී ඇති බවයි.

ඔවුන් යතුරුපැදියකින් පැමිණ ඇති අතර, වෙඩි තැබීම සඳහා පිස්තෝල වර්ගයේ ගිනි අවියක් භාවිත කර තිබේ.

කෙසේ වෙතත්, වෙඩි ප්‍රහාරයෙන් එම ලැඟුම්හලේ සිටි කිසිදු පුද්ගලයෙකුට තුවාල හෝ ජීවිත හානි සිදුව නොමැත.

වෙඩි තැබීමට ලක් වූ පුද්ගලයන් පසුව පොලීසියට පැමිණිලි කර ඇත.

පොලීසිය විසින් සිද්ධිය වූ ස්ථානයේ පරීක්ෂණ සිදුකිරීමේදී, වෙඩි තැබීමට පැමිණි පුද්ගලයන්ට අයත් ජංගම දුරකතනයක් සහ වෙඩි තැබීමට යොදාගත් පිස්තෝලයේ මැගසීනය සොයා ගැනීමට හැකි වී තිබේ.

වැල්ලම්පිටිය පොලීසිය මේ වන විට වැඩිදුර විමර්ශන පවත්වයි.

Comments (0)

Your email address will not be published. Required fields are marked *