ශ්‍රී ලංකාවට සංචාරකයින්ගේ පැමිණීමේ වැඩි වීමක්

2024 ට සාපේක්ෂව 2025 මුල් මාස 4 දී ලංකාවට පැමිණි සාංචාරකයින් සංඛ්‍යාව 81,945 කින් ඉහල ගොස් ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වාර්තා කරයි.   

2024 ජනවාරි මාසය තුල සංචාරකයින් 208,253 ක් පැමිණ තිබූ අතර එය මේ වර්ෂයේදී 252,761 දක්වා වැඩි වී ඇති අතර ප්‍රතිශතයක් ලෙස එය 21.4 %  දක්වා වැඩි වීමකි.

පසුගිය වසරේ පෙබරවාරි මාසයට සාපේක්ශව මෙම වසරේදී 10 % ක සංචාරක පැමිණීමේ ඉහල යාමක් පෙන්වන අතර එය 2024 දී 218,350 ක් වූ අතර 2025 වර්ෂයේදී 240,217 ක් පමණ වේ.

ප්‍රතිශතයක් ලෙස 2024 මාර්තු මාසයට සාපේක්ශව සංචාරක පැමිණීම 2025 මාර්තු මාසයේදී 10 % ක ආසන්න  ප්‍රමාණයකින් ඉහල ගොස් ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එය 2024 මාර්තුවේ දී 209,181 වූ අතර 2025 මාර්තුවේ දී  229,298 ක් දක්වා වැඩි වීමකි.

2024 අප්‍රේල් මාසය තුල සංචාරකයින් 148,867 වාර්තා වූ අතර එය මෙම වසරේ අප්‍රේල් මාසයේදී 174,608 දක්වා වැඩි වී ඇත. එය ප්‍රතිශතයක් ලෙස 17.3 % ක වැඩි වීමකි. 2025 මැයි මස මුල් දින 7 දී සංචාරකයින් 33,910 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

මෙම වර්ෂයේ දී වැඩිම සංචාරක පැමිණීම වාර්තා වන්නේ ඉන්දියාවෙන් වන අතර ඒ 148,078 ක් පමණ වේ. එය අප්‍රේල් මාසයේ දී පමණක් ඉන්දියානුවන්ගේ පැමිණීම 29,763 ක් වන අතර ප්‍රතිශතයක් ලෙස  සමස්ත සංචාරක පැමිණීමෙන් 20.6 % කි. ඉන්දියාවෙන් පසුව මහා බ්‍රිතාන්‍ය, රුසියාව ජර්මනිය සහ ඔස්‍ට්‍රේලියාව යන රටවල් පිලිවෙලින් ඉහල අගයක් ගනී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *