මහජනතාව වෙනුවෙන් ඉන්ධන පිරවුම්හල් වලට සනීපාරක්ශක පහසුකම් සැපයීමේ ජාතික මට්ටමේ වැඩසටහනක් ක්‍රියත්මක වේ. මෙම වැඩසටහන ජනාධිපති කාර්‍යාලයේදී අද ආරම්භ වුනු අතර එය ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියත්මකයි. මහජන සනීපාරක්ශාව සහ ගමනාගමන පහසුකම් වැඩිදියුනු කිරීම සනීපාරක්ශක පහසුකම් සැපයීමේ මූලික අරමුණ වේ.
මෙම වැඩසටහන යටතේ ඉන්ධන පිරවුම්හල් පිරිසිදු, ආරක්ශිත හා දුබලතා ඇති පිරිසට පහසුවෙන් ප්‍රවේශ විය හැකි සනීපාරක්ශක පහසුකම් ඇති ස්තාන බවට පත් කිරීම සිදු කෙරේ. වසර තුනක කාලයකදී නවීන සනීපාරක්ශක පහසුකම් සහිත ස්තාන 500 ක් ඒ අනුව ස්තාපිත කෙරේ. 2025 වසරේදී 100 ක් ද 2026 වසරේදී 200 ක් හා 240 ක් 2027 වසරේදී සනීපාරක්ශක පහසුකම් සහිත ස්තාන බවට පත් කෙරේ.
කිලීන් ශ්‍රී ලංකා ජනාධිපති කාර්‍ය සාධන බලකාය, බල ශක්ති අමාත්‍යංශය සහ ප්‍රධන ඉන්ධන සපයන්නන් සිව්දෙනුකු වන ලංකා ඛනිජ තෙල් සංස්ථාව, ලංකා අයි ඕ සී, සිනෝපෙක් එනර්ජි ලංකා (පුද්ගලික) සමාගම සහ RM පාක්ස් (පුද්ගලික) සමාගම ගිවිසුමට අත්සන් කරන ලදී.
තිරසාර මහජන සේවාවක් සැපයීමට මෙමගින් හැකියාව ලැබෙන බවත් ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාතියේ එක් පියවරක් ලෙස මෙම වැඩපිලිවෙල අර්‍රම්භ කර ඇති බව ත් ජනාධිපති ලේකම් අචාර්‍ය නන්දික සනත් කුමානායක මහතා මෙහිදී පැවසීය. රාජ්‍ය සහ පුද්ගලික සහයෝගීත්වයෙන් මෙරටට වඩාත් ප්‍රතිඵලදායක සේවවාක් ලබා දිය හැකි බවට මෙය උදාහරනයක් බවත් ඉදිරියේදී වෙලදසැල් වැනි පුද්ගලික ආයතන මට්ටමේ මෙම වැඩපිලිවෙල ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපති ලේකම් තුමා මෙහිදී සදහන් කලා.