කොත්මලේ බස් අනතුරින් මියගිය අයට ජනාධිපති අරමුදලෙන් ලබා දෙන මුදල් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත යොමු කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී පසුගියදා සිදු වූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ අය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදලින් ලබා දෙන මුදල් මේ වන විට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත යොමු කර තිබේ.
අනතුරින් මිය ගිය එක් අයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබා දීම සිදු කෙරේ. එය මිය ගිය අයගේ පවුලේ සාමාජිකයන් වෙත භාර දීමට නියමිතය.
අනතුරින් පුද්ගලයන් 22 දෙදෙනෙකු මියගියහ. ඔවුන් ජීවත්වූ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල, ප්‍රාදේශිය ලේකම්වරු වෙත මේ වන විට එම මුදල් ලබා දී ඇත. තුවාල ලැබූවන් සඳහා අදාල වෛද්‍ය වාර්තා ලබා දුන් පසු ජනාධිපති අරමුදලෙන් ආධාර ලබා දෙන බව අද අනතුර සම්බන්ධයෙන් සහ වන්දි ලබා දීම වෙනුවෙන් ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා මේ බව පැවසුවා. ලංගම ආයතනය මගින්ද රුපියල් 25,000ක වන්දි මුදලක් ලබා දෙන බවත් බස් රථය රක්ෂණය කර ඇති බැව්න් එම ආයතනයෙන්ද වන්දි මුදල් ලබාදීමට නියමිත බවත් මෙහිදී අමාත්‍යවරයා පැවසීය. මේ අතර තුවාල ලැබූවන් අතරින් සුව වී නිවෙස් කරා යන පුද්ගලයින් සඳහා සිය පක්ෂය සහ ලංගම මගින් නිවෙස් කරා යාමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ලබා දී ඇතැයිද බිමල් රත්නායක මහතා පැවසීය. ඊයේ අමාත්‍යාංශයේ ප්‍රවාහන බලධාරීන් පැවැති සාකච්ඡාවකදී ව්ශේෂ තීරණ කිහිපයක් ගත් බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. බස් රථ ධාවනයට පෙර පුර්ව පරීක්ෂණයකට ලක් කිරීම, රියදුරු නිරීක්ෂණ ක්‍රමවේදයක් හදුන්වාදීම, දුර ගමන් සේවා ආපන ශාලා ප්‍රමිතය සොයා බැලීමට නිසි ක්‍රමවේදයක් සැකසීම පිළිබඳ තීරණ ගත් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. ප්‍රවාහන කේෂ්‍රේත්‍රය සම්බන්ධයෙන් නිසි ප්‍රතිපත්ති සකස් කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.