පොදු ප්‍රවාහනය සඳහා ප්‍රමිතිගත බස් රථ පමණක් ලබන වසරේ සිට ආනයනය කිරීමට අවසර ලබා දෙන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
මේ සඳහා නව ප්‍රමිති මාලාවක් හඳුන්වා දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසීය. ආරක්ෂිත ක්‍රමවේදයන්ට සැකසූ නව තාක්ෂණික බස්රථ පමණක් ආනයනයට විශේෂ අවධානය යොමු කෙරේ.
පොදු ප්‍රවාහනය සඳහා යොදා ගන්නා බස් රථ නියමිත ප්‍රමිතීන් යටතේ ධාවන තත්වයේ පවතීද යන්න සොයාබැලීමට කටයුතු කරන බවත් ඊයේ අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා කියා සිටියා. මේ අතර ප්‍රවාහන බලධාරීන් සමඟ පසුගියදා ප්‍රවාහන බලධාරීන් සමඟ අමාත්‍යාංශයේ පැවැත්වූ සාකච්ඡාවදී කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු තීරණ කිහිපයකටද එළැඹිබව අමාත්‍යවරයා සිටියේය. ඒ අතර පුද්ගලික බස් රථ ධාවනයට පෙර පූර්ව පරීක්ෂාව, එහි පලමු පියවර ලෙස දුර ගමන් සේවා සදහා පුමුඛතාව ලබා දෙන බස්නැවතුම්පොලවලට අවශ්‍ය පහසුකම් ලබා දීම, AI, GPS, CCTV වැනි ක්‍රමවේදයන් ඔස්සේ රියදුරන් නිරික්ෂණයට ලක් කිරීම, දුර ගමන් බස්රථ නවත්වන ආපන ශාලාවල ප්‍රමිතිය සොයා බලා අඩුපාඩු සකස් කිරීම, රිය අනතුරුවන ස්ථාන පිළිබඳව පොලීසියෙන් ලබා ගන්නා තොරතුරු විද්‍යාත්මකව ක්‍රමවේදයක් අනුව සෙසු ආයතන සමඟ අනතුරු වැලැක්වීමේ ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම අමාත්‍යාංශයේදී ගත් තීරණ කිහිපයකි.