කොලඹ සුගතදාස ගෘහසත ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන වයස අවුරදු 22 න් පහල ආසියානු යොවුන් බොක්සිං තරගාවලියේ සිව් වන දිනය අදයි.
අද දිනයේදී ක්‍රීඩකයින් දෙදෙනෙක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කිලෝග්‍රෑම් 67 සහ කිලෝග්‍රෑම් 60 යන බර පන්තියෙන් තරග බිමට පිවිසෙති.
ඊයේ දිනයේදී කිලෝග්‍රෑම් 75 බර පන්තියෙන් තරග වැදුනු යස්මින් මොහොමඩ් පලමු තරගයෙන් ජය ගැනීමට සමත් වුනා. කිලෝග්‍රෑම් 48 බර පන්තියෙන් තරගයට පිවිසි සත්සර සිතුමිණ වර්ණකුලසූරියද පලමු තරගයෙන් ජය හිමි කර ගත්තේ කිරිගිස්තාන ක්‍රීඩකයාව පරාජයට පත් කරමින්.
අද දින පස්වරු 1 සිට තරග ආරම්භ වීමට නියමිතය. තරගාවලිය ලබන 23 වනදායින් අවසන් වේ.