ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ වඩාත් ආකර්ශනීයම ගමනාන්තයක් ලෙස තවදුරත් තහවුරු කර ගනී .

2025 මැයි මස මුලදී ශ්‍රී ලංකාවේ සංචාරක පැමිණීම සැලකිල්ලට ගනිමින් සංචාරක කර්මාන්ත විශ්ලේෂකයින් සදහන් කරන්නේ එම අංශයේ සක්තිමත් පදනමට යොමුවී ඇති බවයි .ඒ අනුව දකුණු ආසියාවේ වඩාත් ආකර්ශනීයම ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව තවදුරටත් තහවුරු කරගෙන සිටියි. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) වාර්තා පෙන්වා දුන්නේ මැයි පළමු සතිය තුළ සංචාරකයන් 33,910 පැමිණ ඇති බවත් , එය පෙර වසරවල එම කාලපරිච්ඡේදය හා සසඳන විට සැලකිය යුතු වැඩිවීමක් සනිටුහන් කරන බවත්ය.
සංචාරක ආදායම් වර්ධනය ද ඒ හා සමානව කැපී පෙනුණි. ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවන්ට අනුව, 2025 ජනවාරි සිට අප්‍රේල් දක්වා ඉපැයීම් ඇමරිකානු ඩොලර් මිලියන 1,379 ක් වූ අතර එය 2024 දී එම මාස හතර තුළ ඇමරිකානු ඩොලර් මිලියන 1,251.6 ට සාපේක්ෂව 10.2% ක වැඩිවීමකි.
ඒ සමගම උතුරු මැද සහ නැගෙනහිර පළාත් වැනි සන්චාරක කලාපයන්හි යටිතල පහසුකම්වල වැඩිදියුණු කිරීම , ගුවන්තොටුපළ වැඩිදියුණු කිරීම්, ප්‍රවේශ මාර්ග සහ නවාතැන් පුළුල් කිරීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු වීම සංචාරක ව්‍යාපාරයේ දිගුකාලීන වර්ධනයක් සහතික කිරීම සඳහා තීරණාත්මක ලෙස බලපාතිබේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *