ගතවූ පැය 24 කාලය සඳහා වන ආපදා කළමනාකරන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කළ දෛනික තත්ත්ව වාර්තාව අනුව,
නැගෙනහිර ,වයඹ ,උතුරු සහ දකුණු පළාත ආවරණය වන පරිදි බලපැවැත්වුණු අධික වර්ෂාව හා තද සුළං තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් හතර දෙනෙකු මියගොස් තවත් පුද්ගලයෙකු අතුරුදහන්ව ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එමෙන්ම අයහපත් කාලගුණ තත්ත්වය නිසා බලපෑමට ලක්වූ පවුල් සංඛ්‍යාව 187ක් වන අතර පුද්ගලයින් සංඛ්‍යාව 685ක්ද , අර්ධ නිවාස හානි වීම් 177 ද වාර්තා වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
මේ අතර කොළඹ ,ගාල්ල, කළුතර,නුවර කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක අවාරණය වන පරිදි පසු ගිය පැය 24 තුල වර්ෂාපතනය 75mm ඉක්මවා ඇත.වර්ෂාව නවදුරටත් පවතී නම් නායයෑමේ, බෑවුම් කඩා වැටීමේ, ගල් පෙරළීමේ, පස් කණ්ඩි කඩා වැටීමේ සහ පොළොව ගිලා බැසීමේ අවදානම පිළිබදව විමසිලිමත් වන ලෙස ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් ජනතාවගෙන් ඉල්ලා සිටියි.
දිස්ත්‍රික්ක හයකට කහ නිවේදන නිකුත් කරයි.
