දේශීය කිරි කර්මාන්තය කාර්යක්ෂම සහ ඵලදායීතා ව්‍යාපාරයක් බවට පත් කිරීම කෙරෙහි අවධානය යොමු වේ.
ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
දේශීය අවශ්‍යතා සපුරාලීම සඳහා මිල්කෝ ආයතනය සහ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ ඉදිරි සැලසුම් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණි.
දේශීය කිරි කර්මාන්තයේ පිරිවැය අවම කරගනිමින් පවත්නා සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගෙන වෙළදපොළ කේන්ද්‍ර කරගත් ඵලදායී ව්‍යාපාරයක් ලෙස ඉදිරියට ගෙන යෑමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.
මේ වන විට මිල්කෝ ආයතනයේ නිෂ්පාදන ධාරිතාව වර්ධනයක් ඇතැයි සාකච්ඡාවට සහභාගී වූ මිල්කෝ ආයතනය පෙන්වා දුන්හ.
මේ අවස්ථාවට කෘෂිකර්ම, පශු සම්පත් ,ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී ලාල්කාන්ත, මිල්කෝ ආයතනය සහ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් එක්වුණා.