මේවන විට දිනකට 4000ක් පාස්පෝට් නිකුත් කරනවා – අමාත්‍ය ආනන්ද විජේපාල

මේවන විට දිනකට 4000ක් පමණ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල අද (20) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මීට පෙර දෛනිකව 1200කට වඩා අඩුවෙන් ගමන් බලපත්‍ර නිකුත් කර තිබූ බවත් මේවන විට දෛනික නිකුත් කිරිම් වඩා කාර්යක්ෂම කිරීමට පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

වව්නියාව කාර්යාලයේ දෛනික ගමන් බලපත්‍ර නිකුත් කිරිම 50 සිට 200 දක්වා වැඩි කර ඇති බවත් මහනුවර, කුරුණෑගල, මාතර කාර්යාලවලත් දෛනික නිකුත් කිරීම් වැඩි කර ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

කොළඹට නොපැමිණ විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට අවශ්‍ය වැඩපිලිවෙල සකස් කර ඇති බවත් මේවන විට සේවක හිඟයට පිළියමක් ලෙස ආගමන විගමන නිලධාරීන් 180ක් බඳවා ගැනීමට කටයුතු කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ඊ පාස්පෝට් නිකුත් කිරීම සඳහා මේවන විට ටෙන්ඩර් කැඳවීමට කටයුතු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *