ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද පෙරවරුවේ චීනයේ දී චීන ජනාධිපති ෂී ජින් පිං හමු වී ද්විපාර්ශ්වික සාකච්ඡාවක නිරත වුනා.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා චීනයට පැමිණියේ ෂැංහයි සහයෝගීතා සංවිධානයේ දෙදින සමුළුවට සහභාගී වීම සඳහායි.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අද පෙරවරුවේ චීනයේ ටිඇන්ජින් හිදි චීන ජනාධිපති ෂී ජින් පිං හමු වී ද්විපාර්ශ්වික සාකච්ඡාවක නිරත වුනා.
වසර හතකින් පසුව ඉන්දීය අගමැතිවරයා සිදු කරන පළමු චීන සංචාරය මෙයයි.
වසර හතකින් පසුව ඉන්දීය අගමැතිවරයා සිදු කළ පළමු චීන සංචාරය..
ටිඇන්ජින් හි අද සහ හෙට පැවැත්වෙන ෂැංහයි සහයෝගීතා සංවිධානයේ දෙදින සමුළුවට සහභාගී වීම සඳහායි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා චීනයට පැමිණියේ.
ෂැංහයි සහයෝගීතා සංවිධානයේ දෙදින සමුළුවට ඉන්දීය අගමැති සහභාගී වෙයි..
එක්සත් ජාතින්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටෙරෙස් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඇතුළු රාජ්‍ය නායකයින් සහ ජාත්‍යන්තර සංවිධානවල ප්‍රධානීන් තිහකට අධික පිරිසක් එම සමුළුවට සහභාගී වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.
සමුළුවට විශාල පිරිසක්..
පසුගිය දිනවල රටතුළ පැවැති අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් ඉන්දුනීසියානු ජනාධිපති ප්‍රභෝවෝ සුබියන්තෝ මෙම සමුළුවට සහභාගී වන්නේ නැහැ.