ශ්‍රි ලංකාවේ පැවැත්වූ පළමු පැරා කනිෂ්ඨ මළල ක්‍රීඩා තරගය පසුගියදා හෝමාගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.පසුගිය 17, 18 දෙදින තුළ පැවති මෙම ක්‍රීඩා උත්සවය සඳහා තරඟකරුවන් 450කට අධික සංඛ්‍යාවක් සහභාගි විය. ඒ සඳහා එක් වූ ක්‍රීඩා සමාජ ප්‍රමාණය 40 කි.
අවු. 17න් පහළ බාලක ශූරතාවය වරෝඩ් ක්‍රීඩා සමාජය ලබාගත් අතර රත්මලාන අන්ධ විද්‍යාලය අවු.17න් පහල බාලිකා ශූරතාවය දිනා ගන්නා ලදී.
වත්තේගම V.T.T ක්‍රීඩා සමාජය සහ රත්මලාන අන්ධ විද්‍යාලය පිළිවෙලින් අවු.20න් පහල බාලිකා ශූරතාවය සහ අවු. 20න් පහල බාලක ශූරතාවය හිමිකම් කියන ලදි.