හබරණ හතරැස් කොටුව ප්‍රදේශයේ අද අලුයම දුම්රියේ ගැටීමෙන් අලියෙකු මිය යාමත් සමග මේ වසරේ අනතුරට ලක්වීමෙන්
මිය ගිය අලියන් ගණන 10 ඉක්මවා ගොස් තිබේ.
අධි සංවේදී කලාපයන් හි මෙසේ අලියන් අනතුරට ලක්වන්නේ බිමත්ව සහ නියමිත වේගසිමා උල්ලංඝණය කරන
දුම්රිය රියදුරන් නිසා බවයි, පරිසර සංවිධාන පවසන්නේ.
මෙම තත්වය පාලනය කිරීමට ව්‍යපෘති කිහිපයක් වනජීවී දෙපාර්තමේන්තුව සහ දුම්රිය දෙපාර්තමේන්තුව එකාබද්ධව
ක්‍රියාත්මක කර ඇති බව ප්‍රවාහන සහ මහා මාර් ග අමාත්‍යංශය පවසයි.
දුම්රිය රියදුරන් වන සතුන් සම්බන්ධයෙන් සහකම්පනයක් ඇති කිරීම.
ඒ.අයි තාක්ෂණය හරහා ධාවනය වන දුම්රියට මීටර් 30 ඉදිරියෙන් සිටින වන අලින් හදුනා ගැනීම.
දුම්රිය රියදුරුන්ට සිය දර්ශන පථය පුළුල්ව දකිය හැකි පවර් සෙට් දුම්රිය ධාවනය.
ගල්ගමුව අලි උමං වයාපෘතිය යලි ඇරඹ්ම.
එම ව්‍යපෘති අතරින් කිහිපයක්.
වනජීවී දෙපාර්තමේන්තුව සහ දුම්රිය දෙපාර්තමේන්තුව එක්ව විවිධ ව්‍යපෘති ක්‍රියාත්මක කලත් ඒවා නිෂ්ඵල වී ඇතැයි පරිසර සංවිධාන පවසති.
දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා මේ සිදුවීම සහ ඉහත චෝදනාව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කලා.