ශ්‍රී ලංකාව ගෝලීය නව්‍යකරණ දර්ශකයේ ශක්තිමත්ව ස්ථානගත කරනවා

ශ්‍රී ලංකාව ගෝලීය නව්‍යකරණ දර්ශකයේ ශක්තිමත්ව ස්ථානගත කිරීමට පියවර ගෙන ඇති බව ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක ප්‍රකාශකරනවා.
සියලු පාර්ශ්වයන් දායක කර ගනිමින් ඊයෙ කොලබ දි පැවති විශේෂ වැඩසටහනක දි මෙම අදහස් පල කර තිබුනා.


විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති ජාතික නව්‍යකරණ නියෝජිතායතනයේ මෙහෙයවීම යටතේ, ගෝලීය නව්‍යකරණ දර්ශකයට අදාළ දත්ත අවශ්‍යතා පිළිබඳ උපදේශාත්මක රැස්වීමක්, විද්‍යා, තාක්ෂණ, අධ්‍යාපනික, සහ කාර්මික ආදී ක්ෂේත්‍ර නියෝජනය කරමින් රාජ්‍ය සහ පෞද්ගලික අංශවල ජ්‍යේෂඨ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවත් වුනා.
ප්‍රධාන පද්ධති 7ක් යටතේ දර්ශක 80ක් යොදා ගෙන රටවල නව්‍යකරණ කාර්ය සාධනය මනින ජාත්‍යන්තරව පිළිගත් ගෝලීය නව්‍යකරණ දර්ශකයෙහි ශ්‍රේණිගත කිරීම තුළ ශ්‍රී ලංකාවේ ස්ථානය ඉහළට ඔසවා තැබීම සඳහා සියලු පාර්ශ්වයන් දායක කර ගැනීම මෙම රැස්වීමේ අරමුණ විය.
ඒ සඳහා ගෝලීය වශයෙන් මෙරට තරගකාරිත්වය ඉහළ නැංවීම, ආයෝජන ආකර්ෂණය කර ගැනීම මෙන්ම, දැනුම, තාක්ෂණය සහ ව්‍යවසායකත්වය සඳහා කේන්ද්‍රස්ථානයක් බවට පත් වීම ආදී කරුණු පිළිබඳව අවධානය යොමු කෙරුනා.
පර්යේෂණ සහ සංවර්ධන සංස්කෘතියක් පෝෂණය කිරීම, රාජ්‍ය-පෞද්ගලික සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ ජාතික ප්‍රමුඛතාවන්ට අනුකූලව ශක්තිමත් නව්‍යකරණ පරිසර පද්ධතියක් ගොඩනැගීමත් පර්යේෂණ, තාක්ෂණය, නිර්මාණශීලිත්වය සහ නව්‍යකරණ මුල් කර ගත් ආර්ථිකයක් කරා මෙරට මෙහෙයවීම පිණිස වූ රජයේ කැපවීම මෙමගින් පිළිබිඹු වනවා.
මෙම රැස්වීම සදහා අවශ්‍ය දත්තවල ප්‍රධාන භාරකරුවන් වන ප්‍රධාන අමාත්‍යාංශ, ජාතික ආයතන, විශ්ව විද්‍යාල සහ ප්‍රමුඛ පෞද්ගලික අංශයේ නියෝජිත ප්‍රධානීහු රැසක් එක්ව සිටියා.
සමාරම්භක සැසියෙන් පසුව, ශ්‍රී ලංකාවේ නව්‍යකරණ විභවය ගෝලීය වේදිකාවේ නිවැරදිව නිරූපණය වන බව සහතික කරමින්, දත්ත රැස් කිරීම සහ වාර්තා කිරීම සඳහා තිරසාර ජාතික යාන්ත්‍රණයක් සිතියම්ගත කිරීම සඳහා නිර්මාණය කරන ලද ක්‍රියාකාරී සැසියක්ද පවත්වා තිබුනා.
නව්‍යකරණය ප්‍රතිපත්තිමය ප්‍රමුඛතාවයක් පමණක් නොව ජාතික ප්‍රගතියේ ප්‍රායෝගික ධාවකයක් බවට පත් කිරීමට රජයේ කැපවීම මෙම මුලපිරීම මගින් පිළිබිඹු කෙරෙනවා.

Comments (0)

Your email address will not be published. Required fields are marked *